IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


ඇමරිකා බසයක කැරපොත්තෝ

හිමිදිරියේ ඇමරිකාවේ නිව්ජර්සි නගරයේ සිට නිව්යෝක් නුවර බලා යාමට සිටි මගීන් පිරිසකි.ඔවුන් සියල්ල නොඉවසිල්ලෙන් බලා සිටියේ තමන් රැගෙන යාමට බසයක් පැමිණෙන තුරුය.ඈතින් බසයක් මතු වූයේ සියල්ලන්ගේම සිතට සැනැසුමක් ගෙන දෙමිනි.

පොරකමින් බසයට ගොඩවූ මගීන් තමන්ට රිසි තැන් වල වාඩි වී බලා සිටියේ රියැදුරා ගමන් අරඹන තුරුය.බස් රථයේ ශබ්ද විකාශනයෙන් මගීන් ඇමැතූ රියැදුරා ඔවුනට සුභ උදෑසනක් පතා බසයේ වායු සමනය ක්‍රියාත්මක කළා පමණි....

බසයේ මගී ආසන වලට ඉහළින් වූ වායුසමන විවර තුළින් එළියට ආවේ කැරපොත්තන් රෑනකි.ගණනින් සිය ගණන් වූ කැරපොත්තෝ, බස් රථයේ වහලයේ, ආසන ,මගීන්ගේ බඩු බාහිරාදිය ආදියේ එල්ලී  සිටියා.මෙතෙක් නිසලව පැවැති බස්රියේ ඇතුළත යුද පිටියක ස්වරූපය ගත්තේ ඉන් පසුවය.කෑකෝගැසීම්,තර්ජන හා සාප කිරීම්

හමුවේ බස්රථයේ රියැදුරා මාර්ගය අයිනේ බස් රථය නැවැත්වීය.

ඇතුළුවූවාටත් වැඩි හදිස්සියකින් එක පොදියට බස්රථයෙන් බැසගත් මගීන් පිරිස බලධාරීන්ට දොස් තබමින් සිටිනාතුර සිය බළධාරීන් දැනුම්වත් කළ රියැදුරා තවත් බසයක් ගෙන්වාගැනීමට කටයුතු කළේය.මෙවර නම් මගීන් පිරිස කිසිදු ආකාරයේ ආපදාවකින් තොරව නිව්යෝක් නගරය බලා ගෙන යාමට රියැදුරා සමත්විය.

සිදුවීම පිළිඹදව මගීන්ගෙන් සමාව ඉල්ලා ඇති අදාළ බස් සමාගම මේ පිළිඹද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව කියයි.

 



අදහස් (0)

ඇමරිකා බසයක කැරපොත්තෝ

කල්ප Sunday, 17 March 2013 03:38 PM

මම හිතුවේ ලංකාවේ විතරයි කියලා (දී)

:       0       0

හේරත් Sunday, 17 March 2013 11:50 PM

කැරපොත්තෝ කියලා සුද්දන්ටත් කියනවා අපි නම්. (නි)

:       0       0

රංජන් Monday, 18 March 2013 02:45 PM

ආපෝ! ලංකාවේ වෙන දේවල් බලද්දී ඕක ඔච්චර දෙයක්ද? (නි)

:       0       0

සේනානායක Monday, 18 March 2013 12:13 AM

ඇමරිකාවෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ. (නි)

:       0       0

නිමල් Sunday, 17 March 2013 04:00 PM

ඇමරිකාව කියන්නේ පිරිසිදියි කියන රටක් නේද (දී)

:       0       0

හසන්ත Monday, 13 May 2013 11:24 PM

ලංකාවේ පුරුදු ඇමෙරිකාවටත් පුරුදු කරන්න ද හදන්නේ? මම නම් හිතන්නේ නැහැ ඇමෙරිකානුවන් බස් වලට නගින්නේ පොරකාගෙන කියලා. පුළුවන් නම් අපිත් පුරුදු වෙමු පෝලිමට බස් වලට නගින්න. (නි)

:       0       0

ජීව Monday, 18 March 2013 02:31 AM

ඇයි, අපේ බස්වලත් ඉන්නවනේ. දැකලා නැද්ද? (නි)

:       0       0

අනුෂා ඒකනායක Sunday, 17 March 2013 06:46 PM

මේහේ බස් වල නයි පොලොංගුත් යන එකේ ඕවත් දේවල්ද ?? (දී)

:       0       0

අනුෂ් Sunday, 17 March 2013 06:52 PM

මේහේ බස් වල නයි පොලොංගුත් යන එකේ ඕවත් මොනවද? (නි)

:       0       0

සම්පත් Sunday, 17 March 2013 08:22 PM

මානව හිමිකම් එකට කියන්න (දී)

:       0       0

සපුමල් Sunday, 17 March 2013 08:28 PM

කැරපොත්තෝ නොවේ පරඟැටියෝ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 602 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17517 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 716 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site