ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා විසින් පත් කරනු ලැබ සිටි එරට සී.අයි.ඒ. බුද්ධි අංශයේ ප‍්‍රධානී ඬේවිඞ් පෙට්රෝව්ස් පෙරේදා (10) හදිසියේම සිය තනතුරෙන් ඉල්ලා අස්විය.
ඇමෙරිකා බුද්ධි අංශ ප‍්‍රධානියා මෙන්ම ඇෆ්ගන් සංග‍්‍රාමයේදී ඇමෙරිකා සහ නේටෝ හමුදා ආඥාපතිවරයා ද ලෙස කටයුතු කර ඇති ජනරාල් පෙට්රෝව්ස්ට මෙසේ ඉල්ලා අස්වීමට සිදුවූයේ අනියම් පෙම් සබඳතාවක් ගැන කරුණු හෙළි වීමත් සමඟය.
”මා විවාහ වී වසර 37 ක්. ඒත් මගේ වැරදි තීරණයක් නිසා මා අනියම් සම්බන්ධයකට පැටැළුණා.” යැයි ඉල්ලා අස්වීමට පෙර පෙට්රෝව්ස් කළ ප‍්‍රකාශයක සඳහන් වෙයි.
පෙට්රෝව්ස්ගේ එම අනියම් පෙම් හබය ගැන කරුණු හෙළි වී ඇත්තේ ඔහුට අයත් පරිගණකයක් එෆ්.බී.අයි. පරීක්ෂකයන් විසින් පරීක්ෂාවට ලක් කෙරුණු අවස්ථාවකදී යැයි ඇමෙරිකානු පුවත් සේවා වාර්තා කරයි. එහෙත් එවැනි කරුණක් මුල් කර ගනිමින් පෙට්රෝව්ස් තම තනතුරෙන් ඉල්ලා අස්වීම ගැන එම පුවත් සේවා මවිතය පළ කරයි.
පෙට්රෝව්ස්ගේ හදිසි ඉල්ලා අස්වීම ගැන ජනපති ඔබාමා දැන ගෙන ඇත්තේ ජනපතිවරණයෙන් ජය ගැනීමෙන් දින දෙකකට පසුවය. පෙට්රෝව්ස්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ඔබාමාට බාරදුන් අවස්ථාවේදී එය බාර ගැනීමට ඔබාමා මැලි වී ඇත.
කෙසේ නමුත් ඒ ගැන සිතා බලා තීරණයක් ගන්නා බව පවසා ඉල්ලා අස්වීම බාර ගත් බවත් පෙට්රෝව්ස්ගේ බලවත් ඉල්ලීම ගැන සළකා ඔහුට බුද්ධි අංශ ප‍්‍රධානී තනතුරෙන් ඉවත් වීමට අවස්ථාව ලබා දුන් බවත් ජනපති ඔබාමා කළ නිවේදනයක දැක්වෙයි.
බුද්ධි අංශ ප‍්‍රධානී පෙට්රෝව්ස් ඉල්ලා අස්වූයේ ඉකුත් සැප්තැම්බර් 11 වැනිදා ලිබියාවේ ඇමෙරිකා තානාපති කාර්යාලයට එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් කොංග‍්‍රස් මණ්ඩලය හමුවේ කරුණු පැහැදිලි කිරීමට නියමිතව සිටිද්දීය.
මේ වනවිට පෙට්රෝව්ස්ගේ දෙවැනියා වන මයිකල් මොරෙල් තාවකාලිකව සී.අයි.ඒ. බුද්ධි අංශයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරයි. පෙට්රෝව්ස්ගේ අඩුව පිරවීමට ධවල මන්දිරයේ ත‍්‍රස්ත මර්දන උපදේශක ජෝන් බ්‍රෙනන් පත් කිරීමට ඔබාමා කටයුතු කරනු ඇතැයි ධවල මන්දිරය පෙන්වා දෙයි.
ඔබාමාගේ මෙහෙයවීම යටතේ පාකිස්තානයේ සැඟවී සිටි අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමේ මෙහෙයුම කි‍්‍රයාත්මක කිරීමට මැදිහත් ව කටයුතු කළේ ජෝන් බ්‍රෙනන්ය.
දෙවැනි ධුර කාලය සඳහා ජනවරමක් හිමි කරගෙන සිටින ඔබාමා මේ වනවිට පරිපාලනමය ගැටලූ කීපයකට මුහුණ දී සිටී. මේ වනවිට ඇමෙරිකා රාජ්‍ය ලේකම් ධුරය මෙන්ම රාජ්‍ය භාණ්ඩාගාර ධුරය ද හිස්ව පවතී.
රාජ්‍ය භාණ්ඩාගාර ධුරයේ කටයුතු කළේ ටිම් ගෙත්නර්ය. රාජ්‍ය ලේකම් ධුරයේ සිටියේ හිලරි ක්ලින්ටන්ය. හිලරි ක්ලින්ටන් 2008 වසරේ ඔබාමා පළමු වරට ජනපති ධුරයට පත්වෙද්දී කියා සිටියේ ඔබාමාගේ දෙවැනි ධුරයේ රාජ්‍ය ලේකම් පදවිය දැරීමට තමා ඉදිරිපත් නොවන බවය. ඒ අනුව ඇය එම ධුරයෙන් ඉල්ලා අස්වූයේ ජනපතිවරණයට සති කීපයකට පෙරය.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පනාගොඩ , ඕකටත් ඉතාලියට අපහාස වෙන විදිහට මොනවා හරි කිවුවා නම් නේද හරි? (නි)
මොකද්ද ඊට හේතුව
බලන්න... ඒ රටේ නීතිය කටත් එකයි.... ඔය රටවල් දියුණු වෙලා තියෙන්නෙත් ඒකයි... අපේ රටෙනම් ලොක්කගේ දූලා පුතාලට, සහෝදරයන්ට එකනීතියක්, ගෝලයන්ට තවත් නීතියක්, ඇමති මන්ත්‍රීලාට වෙනත් නීතියක්, පොලිසියේ ආරක්ෂක අංශයේ අයට තවත් නීතියක්, මහජනතාවට වෙනත් නීතියක්...(ස)
මටත් අස් වෙන්න ඕන. ඒත් ලොක්කා අස්වීම භාරගනීවිද දන්නේ නෑ (ස)
අවංක හිත හොඳ මහත්තයෙක් (ස)
ඔවි ඉතින් තමන්ට කරන්න ඕනෑ දේවල් හුගාක් කළානේ. දැන්වත් ඉතින් මෙහෙම වුණ එක හොදයි. (නි)
නියම විනයක් තියන රටකට මේවා පුංචි උදාහරණ විතරයි. අපිට නැති එකම දේ තමයි විනය. කවදාවත් අපිට හැදෙන්න බැරිත් ඒ නිසයි. (නි)
ලංකාවේ අයින් වෙන්න කිව්වත් අයින් වෙන්නේ නෑ . අයින් කරත් අයින් වෙලා යන්නෙත් නෑ (ස)