IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇමෙරිකා ප‍්‍රහාරයෙන් යේමනයේ අල් කයිඩා නායකයෙක් මියයයි

නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් යේමන අල් කයිඩා සංවිධානයේ ප‍්‍රධාන පෙළේ නායකයකු මරා දැමීමට ඇමෙරිකා හමුදාව ඊයේ (7) සමත් විය. මරා දැමුණු ෆාද් අල් කූසෝ (37) අල් කයිඩා සංවිධානයේ ජ්‍යේෂ්ඨ නායකයෙකි. ඇමෙරිකා හමුදාව, ඔහු සොයා ඝාතන මෙහෙයුම ඇරැඹුවේ, යේමන ආරක්ෂක අංශ සමඟ එක්වෙමිනි. ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීන්ගේ තොරතුරු පාදක කර ගනිමින් මෙහෙයුම සාර්ථකව අවසන් කිරීමට හැකි වූ බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අල් කූසෝ, ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන යානා එල්ල කළ මිසයිල ප‍්‍රහාරයෙන්, තවත් අල් කයිඩා ජ්‍යේෂ්ඨ සාමාජිකයකු ද ජීවිතක්ෂයට පත් වී ඇතැයි යේමන රජය පවසයි. යේමනයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සංවිධානයට එරෙහි සටනේදී යේමන රජයට සහ ආරක්ෂක අංශවලට සහාය ලබා දෙන්නේ ඇමෙරිකාවය. 2000 වසරේදී, යේමන්යේ ඒඩන් වරායේ නැංගුරම් ලා තිබියදී ඇමෙරිකා නාවික හමුදාවට අයත්, යූ.එස්.එස්. කෝල් යුද නැවට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළේ ද අල් කූසෝය. එම ප‍්‍රහාරයෙන් ඇමෙරිකා නාවික සෙබළුන් 17 දෙනකු මියගිය අතර, 39 දෙනෙක් තුවාල ලැබූහ. එම ප‍්‍රහාරයෙන් පසු ඇමෙරිකාවේ එෆ්.බී.අයි. පරීක්ෂණ ආයතනයේ ප‍්‍රධාන පෙළේ අපරාධකරුවන් අතරට ෆාද් අල් කූසෝගේ නම ද එක් කෙරුණි. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව, 37 හැවිරිදි ෆාද් අල් කූසෝගේ නම ලෝකයේ වඩාත් බිහිසුණු ත‍්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවට ද එක් කර තිබුණි. ඔහු මරා හෝ පණ පිටින් හෝ අල්ලා දෙන්නේ නම් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක මුදල් තෑග්ගක් පිරිනමන බවට ද ඇමෙරිකාව ප‍්‍රකාශ කර තිබුණි.



අදහස් (0)

ඇමෙරිකා ප‍්‍රහාරයෙන් යේමනයේ අල් කයිඩා නායකයෙක් මියයයි

watti Wednesday, 09 May 2012 08:10 AM

කවුද දන්නේ ඇමෙරිකාව කියන්නේ ඇත්තද කියලා.

:       0       0

නසාර් Tuesday, 08 May 2012 01:02 PM

නායකයන් පෙලක් ඉන්නවා. ඇමරිකාවට කාලාන්තරයක් යයි.

:       0       0

අලිබබා Tuesday, 08 May 2012 07:57 PM

මෙ ඇමරික‍ාවෙන් මරණයට පත්කරන හැමෝම නායකයෝ. සේවකයෝ නැද්ද ඔතන?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 150 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site