IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ඇමෙරිකා - පාකිස්තාන හමුදාපතිවරුන් අතර හමුවක්

ඇමෙරිකාවත් පාකිස්තානයත් අතර පළුදු වූ මිතුදම් ශක්තිමත් කර ගැනීමේ අදහසින් ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකා හමුදා ආඥාපති ජනරාල් ජෝන් ඇලන් සහ පාකිස්තාන හමුදාපති ජනරාල් අෂ්ෆාක් කයානී අතර විශේෂ සාකච්ඡුාවක් පෙරේදා (12) පැවැත්විණි. ඇමෙරිකාව සහ පාකිස්තානය අතර මිතුදම් පළුදු වූයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී, ඇමෙරිකා හමුදා නියමුවන් රහිත ඩ්‍රෝන යානාවක් යොදා ගනිමින් එල්ල කළ මිසයිල ප‍්‍රහාරයකදී පාකිස්තාන හමුදා සෙබළුන් 24 දෙනකු මියයෑමේ සිද්ධියෙන් පසුවය. එම සිද්ධියෙන් පසුව පාකිස්තාන රජය ඇමෙරිකාව සම්බන්ධයෙන් දැඩි කි‍්‍රයා මාර්ග ගත් අතර, ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාව හරහා ඇෆ්ගනිස්ථානයේ ඇමෙරිකන් හමුදාවලට භාණ්ඩ සැපැයෙන සැපැයුම් මාර්ග වසා දැමුණි. මාස 6 ක් ගතවී ඇතත් තවමත් එම සැපැයුම් මාර්ග විවෘත කර නැත. ඊට අමතරව ඇෆ්ගන් දේශසීමාව අසල පාකිස්තානයේ පිහිටුවා තිබූ ඇමෙරිකන් ගුවන් හමුදා කඳවුරක් වහා ඉවත් කර ගන්නා ලෙස ද පාකිස්තාන රජය ඇමෙරිකා හමුදාවලට දැනුම් දුන්නේය. පාකිස්තාන හමුදා සෙබළුන් මරා දැමීම සම්බන්ධයෙන් සමාව ඉල්ලන්නැයි ද පාකිස්තාන රජය ඇමෙරිකාවට බල කළේය. ඇෆ්ගනිස්තානයේ ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව ගෙන යන සටනේදී ඇමෙරිකන් සෙබළුන්ට අවශ්‍ය බඩු බාහිරාදිය ඇෆ්ගනිස්තානයට ගෙන යන්නේ පාකිස්තානයේ කරච්චි නුවර සිට පාකිස්තාන දේශසීමා හරහාය. එම නිසා එම සැපැයුම් මාර්ග විවෘත කිරීම ඉතා වැදගත් වේ. එම සැපැයුම් මාර්ග පවත්වාගෙන යෑම වෙනුවෙන් ඇමෙරිකා රජය පාකිස්තාන රජයට මුදල් ආධාර ලබා දෙයි. එහෙත් සැපැයුම් මාර්ග වසා දැමීමෙන් පසු එම ආධාර සීමා කිරීමට ද ඇමෙරිකා රජය පියවර ගත්තේය. සැපැයුම් මාර්ග විවෘත කරන්නැයි පාකිස්තාන රජයට කිසිදු ආකාරයක බලපෑමක් එල්ල නොකරන බවත්, සාකච්ඡා මාර්ගයෙන් දෙරට අතර හොඳ හිත වර්ධනය කර ගැනීමට කටයුතු කළ බවත් ඇමෙරිකා හමුදා ආඥාපති ජනරාල් ජෝන් ඇලන් ප‍්‍රකාශ කළේය. හමුදා ප‍්‍රධානීන් අතර තවත් සාකච්ඡා වටයක් ඉදිරි දින කිහිපයේදී පැවැත්වීමට ද නියමිත යැයි ඇමෙරිකාව පවසයි.



අදහස් (0)

ඇමෙරිකා - පාකිස්තාන හමුදාපතිවරුන් අතර හමුවක්

අලිබබා Monday, 14 May 2012 11:16 PM

ඔවි අහිංසක මිනිසුන්ව සමුල ඝාතනය කොරන්න, රටවල් වලට සමිබාධක පනවන්න, ආයුධ ටික විකුණා ගන්න, තෙල් ටික හොරකමි කොරන්න තමයි මේ හැම පියවරක්ම ගන්නේ. සාකචිචා මාර්ගයෙක් ගියොත් මිසක් බලපෑමි කරලා බැරිබව දැන් තේරිලා තියෙන්නේ. ඕව වැඩිකල් යන්නෑ. මෙවැනි රටවල්වලට විරුද්ධව ජාත්‍යන්තර රටවල් පෙලගැසෙන කාලය ඉතා ලගයි. පොඩි රටවල් වලින් තමයි ලොකු රටවල්වලට පාඩමි ඉගෙන ගන්න වෙන්නේ. එවිට මෙවැනි දුසිතයන්ට තමන් කො‍රපු පාප කර්මයන්ට මනස්ථාපනය වෙන්නටවත් කාලයක් නොමැති බව කවුරුත් දැනගනිත්වා. සත්‍යය කවදා හෝ ජයගන්නේය.එයයි සත්‍යය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1924 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1533 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site