සතුරු බෝට්ටු හා නියමුවන් රහිත ඩ්‍රෝන යානා බිම හෙළීමේ හැකියාව ඇති නව ලේසර් අවියක් ඇමෙරිකානු නාවික හමුදාව නිපදවා ඇතැයි එරට යුද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තවමත් පරීක්ෂණ මට්ටමේ ඇති මෙම ලේසර් අවිය 2014 වසරේදී ඇමෙරිකානු නාවික හමුදාවට අයත් යූ.එස්.එස් පොන්ස් නෞකාවට සවි කිරීමට නියමිතව ඇති බව නාවික හමුදා පර්යේෂණ ආයතනය පැවැසීය.
චලනය වන ඉලක්ක වෙත අධි බලැති ලේසර් කිරණ ආධාරයෙන් පහරදීමේ හැකියාවක් සතු මෙම අවිය නිසා නූතන යුද කටයුතු විප්ලවීය වෙනසකට බඳුන් වනු ඇතැයි ද එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.