ඇමෙරිකා රජය, යේමනයේ සානා අගනුවර සිය තානාපති කාර්යාලය දින නියමයක් නොමැතිව වසා දැම්මේ කිසිදු පදනමක් නැතිව යැයි නම සඳහන් කිරීමට අකමැති යේමන රජයේ ප‍්‍රකාශකයෙක් ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය සමඟ පවසා ඇත.
ඇමෙරිකාව යේමනයේ තානාපති කාර්යාලය වසා දැම්මේ, මීට සති දෙකකට පෙරය. ඒ, අල්කයිඩා සටන්කාමීන් ඇමෙරිකා තානාපති කාර්යාලයට හෝ තානාපති කාර්යාල නිලධාරීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් හෝ ඉලක්ක කර ගනිමින් පහර දීමක් කරාවි යැයි බිය පළ කරමිනි.
යේමන රජයේ එම ප‍්‍රකාශකයා කියා සිටියේ, ඇමෙරිකාව ඔවුන්ගේ තානාපති කාර්යාලය වසා දැම්මේ කිසිදු පදනමක් නැතිව බවය. සානා නුවර ඇමෙරිකා තානාපති කාර්යාලයට යේමන රජයෙන් විශේෂ ආරක්ෂාවක් ලැබී ඇතැයි ද නම හෙළි කිරීමට අකමැති වූ එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.
අල් කයිඩාවෙන් ප‍්‍රහාරයක් එල්ල වේවි යැයි බිය වී ඇමෙරිකාව වසා දැම්මේ යේමන තානාපති කාර්යාලය පමණක් නොවේ. විදේසවල තවත් තානාපති සහ කොන්සල් කාර්යාල 18 ද ඔවුන් වසා දැමීමට පියවර ගත්තේය. කෙසේ නමුත් මේ වනවිට එම කාර්යාල යළි විවෘත කර තිබේ.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමෙරිකා තානාපති කාර්යාලය වසා දැම්මේ පදනමක් නැතිව
බමුණු Thursday, 15 August 2013 06:45 AM
අපිට නම් වහලා තිබුණත් ඇරලා තිබුණත් එකයි (නි)