ඇමෙරිකා හමුදාව නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදාගෙන වයඹදිග පාකිස්තානයේ තලේබාන් පුහුණු කඳවුරකට ඊයේ (10) එල්ල කළ මිසයිල ප‍්‍රහාර හතරකින් සටන්කාමීහු 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
පුහුණු කඳවුර පිහිටියේ මීර් අලී නමැති නගරයට නුදුරින් පිහිටි හෙසෝ කාල් නමැති ගම්මානයේය. එය අල් කයිඩා පුහුණු කඳවුරක්ව පැවැති බව ද වාර්තා වේ.
ප‍්‍රහාරයෙන් පුහුණු කඳවුර මුළුමනින්ම විනාශ වූ අතර සටන්කාමීන් අට දෙනෙකු තුවාල ලැබූ බව ද ඇමෙරිකා හමුදාව පවසයි. ඔවුන් එම ප‍්‍රහාරය සිදුකර ඇත්තේ බුද්ධි අංශවලින් ලැබුණු තොරතුරු පාදක කර ගනිමිනි.
ඉකුත් පළමු වැනිදා සිට මේ දක්වා ඇමෙරිකානු හමුදා ඩ්‍රෝන යානා යොදා ගනිමින් එල්ල කළ ප‍්‍රහාරවලින් සටන්කාමීන් 34 දෙනකු මියගොස් ඇතැයි ද ඇමෙරිකානු ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටී.
2014 වසරේ දී ඇමෙරිකා හමුදා ඇෆ්ගන් සංග‍්‍රාමය අවසන් කර, එරටින් පිටවීමට නියමිතව සිටී. ඇෆ්ගන් සංග‍්‍රාමයෙන් පසුවද ඇමෙරිකාවේ වැඩි අවදානයක් යොමු වනු ඇත්තේ ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ පිහිටා ඇති ගෝති‍්‍රන ප‍්‍රදේශයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පුවතක් (ස)