ඇමෙරිකා හමුදාව නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදාගෙන වයඹදිග පාකිස්තානයේ තලේබාන් පුහුණු කඳවුරකට ඊයේ (10) එල්ල කළ මිසයිල ප‍්‍රහාර හතරකින් සටන්කාමීහු 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
පුහුණු කඳවුර පිහිටියේ මීර් අලී නමැති නගරයට නුදුරින් පිහිටි හෙසෝ කාල් නමැති ගම්මානයේය. එය අල් කයිඩා පුහුණු කඳවුරක්ව පැවැති බව ද වාර්තා වේ.
ප‍්‍රහාරයෙන් පුහුණු කඳවුර මුළුමනින්ම විනාශ වූ අතර සටන්කාමීන් අට දෙනෙකු තුවාල ලැබූ බව ද ඇමෙරිකා හමුදාව පවසයි. ඔවුන් එම ප‍්‍රහාරය සිදුකර ඇත්තේ බුද්ධි අංශවලින් ලැබුණු තොරතුරු පාදක කර ගනිමිනි.
ඉකුත් පළමු වැනිදා සිට මේ දක්වා ඇමෙරිකානු හමුදා ඩ්‍රෝන යානා යොදා ගනිමින් එල්ල කළ ප‍්‍රහාරවලින් සටන්කාමීන් 34 දෙනකු මියගොස් ඇතැයි ද ඇමෙරිකානු ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටී.
2014 වසරේ දී ඇමෙරිකා හමුදා ඇෆ්ගන් සංග‍්‍රාමය අවසන් කර, එරටින් පිටවීමට නියමිතව සිටී. ඇෆ්ගන් සංග‍්‍රාමයෙන් පසුවද ඇමෙරිකාවේ වැඩි අවදානයක් යොමු වනු ඇත්තේ ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ පිහිටා ඇති ගෝති‍්‍රන ප‍්‍රදේශයයි.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
837
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇමෙරිකා ඩ්‍රෝන ප‍්‍රහාරයට තලේබාන් 10 ක් බිලිවෙති
ලාල් Friday, 11 January 2013 05:39 PM
හොඳ පුවතක් (ස)