IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඇමෙරිකා ගුවන් යානයක් පුපුරුවන්න හැදූ යේමන අල් කයිඩා සාමාජිකයා අසුවෙයි

ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශයේ නිලධාරියකු ලෙස කටයුතු කරමින්, සෞදියේ සිට ඇමෙරිකාව බලා පියාසර කරන මගී ගුවන් යානයක් පුපුරුවා හැරීමට සැලැසුම් කළ, යේමන අල් කයිඩා ඒජන්තවරයකු අල්ලා ගැනීමට ඇමෙරිකා ආරක්ෂක අංශ නිලධාරීහු පෙරේදා (8) සමත් වූහ. එම අල් කයිඩා ඒජන්තවරයා, සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීන්ගේ විශ්වාසය දිනා ගෙන, සී.අයි.ඒ. නිලධාරියකු ලෙස වසර ගණනක් තිස්සේ සේවය කළ අයකු බව ද පැවැසේ. ඔහු සෞදියේ පිහිටි සී.අයි.ඒ. කාර්යාංශයට සම්බන්ධ නිලධාරියකු පමණක් නොව සෞදි බුද්ධි අංශ නිලධාරියෙක් ද වෙයි. අල් කයිඩා ඒජන්තවරයාගේ අනන්‍යතාව ආරක්ෂක හේතූන් මත මෙතෙක් අනාවරණය කර නැත. ඔහු සැලැසුම් කර ඇත්තේ යට කලිසමට යටින්, කලවාවල පුපුරන ද්‍රව්‍ය රඳවා ගනිමින් ඇමෙරිකන් ගුවන් යානයට ගොඩ වී, එය ඇමෙරිකාවට ළඟා වෙද්දී පුපුරුවා මහා විනාශයක් සිදු කිරීමට යැයි ඇමෙරිකා ආරක්ෂක අංශ පවසයි. ඔහු අල්ලා ගැනීමට හැකි වී ඇත්තේ සටන් කාමීන්ගේ පණිවුඩ හුවමාරුවකට කන් දීමෙන්  යැයිද විදෙස් පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කරයි. මීට පෙර, 2009 වසරේ නත්තල් දා මේ අයුරින්ම කලවා ප‍්‍රදේශයේ පුපුරන ද්‍රව්‍ය දවටා ගනිමින් ඇමෙරිකන් මගී ගුවන් යානයක් පුපුරුවා හැරීමට උත්සාහ කළ නයිජීරියා ජාතික තරුණයකු අල්ලා ගැනීමට ආරක්ෂක අංශ සමත් විය. 2010 වසරේදී ද ඇමෙරිකාව බලා පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක භාණ්ඩ ප‍්‍රවාහන කුටියේ අටවා තිබූ බෝම්බයක් නිෂ්කී‍්‍රය කිරීමට ද ඇමෙරිකානු ආරක්ෂක අංශ නිලධාරීහු සමත් වූහ.



අදහස් (0)

ඇමෙරිකා ගුවන් යානයක් පුපුරුවන්න හැදූ යේමන අල් කයිඩා සාමාජිකයා අසුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site