ආරක්ෂක සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා ආරක්ෂක ලේකම් ලියොන් පැනෙටා ඊයේ (5) ඉන්දියාවට පැමිණියේය. ආරක්ෂක ලේකම්වරයා ඉතා උණුසුම් ලෙස පිළි ගැනීමට ඉන්දීය රජය කටයුතු යොදා තිබුණි. ඊයේ සවස් වරුවේ ඔහු ඉන්දීය අගමැති මන්මෝහන් සිං හමුවූයේය. එහිදී ආසියා කලාපයේ ආරක්ෂාව ගැන සාකච්ඡා කෙරිණි. 2014 වසරේදී ඇෆ්ගන් සංග‍්‍රාමය නිමා කිරීමෙන් පසු ආසියා පැසිෆික් කලාපයේත් ආසියා රටවලත් තම බලය පතුරුවා ගැනීමට ඇමෙරිකාව සූදානව් වේ. එහිදී ඉන්දියාවේ සහාය ඇමෙරිකාවට අත්‍යාවශ්‍යය. මේ වනවිටත් ඉන්දියාව ද ඇමෙරිකාව සමඟ ආරක්ෂක ගනුදෙනු රැසකට අත්සන් තබා ඇත. ඉකුත් අපේ‍්‍රල් මාසයේදී ඇමෙරිකාවෙන් ප‍්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීමේ ගිවිසුමකට ද ඉන්දීය රජය අත්සන් තැබීය. එම ගිවිසුමේ වටිනාකම ඇමෙරිකන් ඩොලර් බිලියන 12 කි. නේටෝ හමුදා 2014 වසරේදී ඇෆ්ගන් සංග‍්‍රාම මෙහෙයුම් අවසන් කිරීමෙන් පසු ඇෆ්ගනිස්තානයේ සහ පාකිස්තානයේ සිටින ඉස්ලාමීය සටන්කාමීන් ඉන්දියාවට තර්ජනයක් වේවි යැයි ඉන්දීය රජය බිය පළ කරයි. එම නිසා ඇෆ්ගනිස්තානයේ කටයුතු සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ ඉතා සමීපව කටයුතු කිරීමට ද ඉන්දීය රජය කැමැත්ත පළ කර තිබේ. පැනෙටා ඉන්දියාවට පැමිණෙන්නේ සිය ආසියා සංචාරය අතරතුරේය. ඔහු එම සංචාරය ඇරැඹුවේ පසුගිය සෙනසුරාදා (2) සිංගප්පූරුවේ පැවැති ආසියා ආරක්ෂක සමුළුවට සහභාගී වෙමිනි. ඇමෙරිකා නාවික හමුදාවට අයත් යුද නැව්වලින් සියයට 60 ක් ආසියා පැසිෆික් සාගර කලාපයට එවීමට ඇමෙරිකා රජය තීරණය කර ඇතැයි එම සමුළුවේදී පැනේටා ප‍්‍රකාශ කළේය. ආරක්ෂක සමුළුව අවසන් වීමෙන් පසු ඇමෙරිකා ආරක්ෂක ලේකම්වරයා වියට්නාමයේ සංචාරයක ද නියැලූණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇමෙරිකා ආරක්ෂක ලේකම් පැනෙටා ඉන්දියාවේ සංචාරයක