ඇමෙරිකානු රජය සහ සී.අයි.ඒ. බුද්ධි අංශය, එන්.එස්.ඒ. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සිය හරහා ශුද්ධෝත්තම පාප්තුමාගේ දුරකතන ඇමැතුම්වලට ද හොරෙන් කන් දී එතුමන් ගැනද ඔත්තු බලා ඇතැයි ඊයේ (31) අනාවරණය විය.
|
ඔබාමා |
එම තොරතුරු අනාවරණය වූයේ, ජාතික ආරක්ෂක ඒජන්සියේ හිටපු පරිගණක කි‍්‍රයාකරු, එව්ඩඞ් ස්නෝව්ඩන් ලබා දුන් රහස් විස්තර වාර්තා, ඉතාලි මාධ්‍ය ඔස්සේ ප‍්‍රසිද්ධ වීමට පටන් ගැනීමත් සමඟය.
ඇමෙරිකා රජය වත්මන් පාප්තුමන් වන ෆ‍්‍රැන්සිස් පාප්තුමන් ගැන පමණක් නොව, ඊට පෙර පාප්තුමන් ලෙස කටයුතු කර, ඉල්ලා අස්වුණු 16 වැනි බෙනඩික් පාප්තුමන් ගැන ද ඔත්තු බලා ඇති බව ඉතාලි මාධ්‍ය අනාවරණය කර ඇත.
එම පුවත සැලවීමත් සමඟ, ලොව බිලියන 1.2 ක් වූ කතෝලික ප‍්‍රජාව ඒ ගැන සිය අප‍්‍රසාදය සහ කනස්සල්ල පළ කර ඇති බව ද වාර්තා වේ.
ඇමෙරිකානු සී.අයි.ඒ සංවිධානය ෆ‍්‍රැන්සිස් පාප්තුමන් ගැන ඔත්තු බැලීම් ආරම්භ කර ඇත්තේ 2005 වසරේ සිටය. ෆ‍්‍රැන්සිස් පාප්තුමන් ආජන්ටිනා ජාතිකයෙකි.
ඇමෙරිකා රහස් වාර්තාවල දැක්වෙන ආකාරයට, පාප්තුමන් ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවර අගදරගුරු ලෙස කටයුතු කළ අවස්ථාවේ පවා, ඇමෙරිකා බුද්ධි අංශ ඔහු ගැන විමසිල්ලෙන් පසු වී ඇත.
පාප්තුමන් ගැන ඔත්තු බැලූ බවට එල්ල වන චෝදනා, ඇමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය තරයේ ප‍්‍රතික්ෂේප කරයි. කෙසේ නමුත් ලෝක නායකයන්ගේ දුරකතන සංවාදවලට කන් දුන් බව ඔවුන් ප‍්‍රතික්ෂෙප කර නැත.
ලෝක නායකයන්ගේ දුරකතන සංවාදවලට හොරෙන් කන් දීම සම්බන්ධයෙන්, ඇමෙරිකන් සෙනෙට් සභාව ඉදිරියේ කරුණු දක්වමින්, ජාතික ආරක්ෂක ඒජන්සියේ ප‍්‍රධානී ජනරාල් කීත් ඇලෙක්සැන්ඩර් පවසා ඇත්තේ ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් එම ඔත්තු බැලීම් කළ බවය.
ඇමෙරිකාවේ එම නීතිවිරෝධී ඔත්තු බැලීම් සම්බන්ධයෙන් ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාට දොස් අහන්න සිදුවී ඇත. ජනපති ඔබාමා පවසා ඇත්තේ, ඇමෙරිකා ආරක්ෂක අංශ මීට වඩා ‘විනයානුකූලව’ කටයුතු කළ යුතු බවය.
ජර්මනිය, ප‍්‍රංශය වැනි යුරෝපා රටවල් මෙන්ම බ‍්‍රසීලය ද ඇමෙරිකාව සිදුකළ එම නීතිවිරෝධී ඔත්තු බැලීම් ගැන සිය අප‍්‍රසාදය පළ කර ඇත.
ඇමෙරිකා රජය, අන්තර් ජාතික නීති උල්ලංගනය කරමින්, එරට ජාතික ආරක්ෂාව වෙනුවෙන් යැයි පවසා, ලෝක නායකයන් ගැන සිදු කරන ඔත්තු බැලීම් වහා නැවැත්විය යුතු යැයි බල කරන ජර්මනිය ප‍්‍රංශය මෙන්ම බ‍්‍රසීලය ද එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ඇමෙරිකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට සූදානමින් සිටී.
ඔත්තු බැලීම්වලට විරෝධය පෑමක් වශයෙන්, යුරෝපා සංගමයට අයත් රටවල් ඇමෙරිකාව සමඟ ඇති වෙළෙඳ සබඳතා අත්හිටුවීමට සූදානම් වන බව ද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ගූගල්" පවා අපි දමන මේ සුළු ප්‍රතිචාර කොපි කරයි. "ගූගල්" මුල් වෙබ් අඩවියට ගොස් ඔබේ නම යොදා බලන්න. ලොකු දේවල් ගැන කවර කතාද. (ස)
"ජර්මනිය ප‍්‍රංශය මෙන්ම බ‍්‍රසීලය ද එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ඇමෙරිකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට සූදානමින් සිටී." පව් ඇමෙරිකාව....විහිළු සපයනවා. (ස)
අපේ කාවවත් එහෙම කරලා නැද්ද දන්නේ නැහැ නේද? (නි)
කොහේවත් කියලා අහලා ඔත්තු බලන්නේ නෑ.එඩ්වඩ් ස්නෝව්ඩන් ඔය අනාවරණය කරලා දැං ගොඩක් කල්, දැනුයි ඉතාලිය ඒවා කියවලා තියෙන්නේ.දැං ඕක මහා ලොකු දෙයක් විදිහට පෙනුනට තව ටික දවසකින් ඔහොම දෙයක් වුනාද කියලත් මිනිස්සුන්ට අමතක වෙනවා. (ස)
නමුත් මෙවැනි ප්‍රාථමික චර පුරුෂ සේවාවක් පවත්වා ගෙන යාම පිළිබදව ඔවුන් ලැජ්ජා විය යුතුය. (නි)
රහස් වක්කඩේ දාලා, සොරොව්ව ඇරියම දෝරේ යනවා. (නි)
අපේ රටෙත් අර ලග තියන රටක අය ඔත්තු බලනවා කිව්වා නේද?(නදී)