
ඉන්දුනීසියාවේ ඇනැක් ක්‍රැකටෝවා ගිනි කන්දෙන් පිටවන ගිනි කඳු අළු ජකර්තා අගනුවරට ඉහළින් ව්‍යාප්ත වීම හේතුවෙන්, එහි ප්‍රධාන ගුවන් තොටුපොළ වන සුකර්නෝ-හට්ටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සියලු ගුවන් ගමන් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
ගිනි කන්දේ සක්‍රීයතාව හදිසියේ ඉහළ යාම හේතුවෙන් අද (6) උදෑසන සිට ගුවන් ගමන් අත්හිටවූ බව ගුවන් තොටුපොළ බලධාරීහු ප්‍රකාශ කළහ.
ජකර්තා නුවර සිට කිලෝමීටර් 150කට වඩා (සැතපුම් 93ක් පමණ) ඈතින් පිහිටි මෙම ගිනි කන්ද සිකුරාදා (4) රාත්‍රියේ සිට සක්‍රිය වීමට පටන් ගෙන ඇත.
ඉන්දුනීසියා කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කරන්නේ ගිනි කන්දෙන් ලාවා විදීම සහ පිපිරීම් සිදුවන අතර, එම පිපිරීම් හඩ කිලෝමීටර් 700ක් දක්වා ඈතට පවා ඇසෙන බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd