IMG-LOGO

ආසියාවටත් යුරෝපයටත් පහර දිය හැකි මිසයිලයක් ඉන්දියාවෙන්

ආසියාවේ  ඕනෑම රටකටත් යුරෝපයටත් ප‍්‍රහාර දිය හැකි අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලීමට ඉන්දියාව සැරසෙයි. ‘අග්නි 5’ යනුවෙන් නම් කර ඇති එම දිගු දුර මිසයිලයේ අත්හදා බැලීමේ කටයුතු හෙට (19) හෝ අනිද්දා (20) සිදු කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ සංවර්ධන ආයතනය පවසයි. මීට පෙර නිර්මාණය කළ අග්නි මිසයිල මෙන් නොව ‘අග්නි 5’ මිසයිලයට කිලෝ මීටර් 5,000 කට වැඩි දුරක් යා හැකි යැයි ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ සංවර්ධන ආයතනය වැඩි දුරටත් කියා සිටියි. ඉන්දියාව සිදු කිරීමට සැරසෙන එම මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් අසල්වැසි පාකිස්තානය පමණක් නොව චීනය ද දැඩි අවධානයකින් පසුවන බව වාර්තා වේ. පාකිස්තානයත් චීනයත් ඉන්දියාවට මායිම් වූ අසල්වැසි රටවල්ය. මේ ආකාරයෙන් එක් මහද්වීපයක සිට තවත් මහද්වීපයකට විදිය හැකි මිසයිල ඇත්තේ චීනය, ඇමෙරිකාව, ප‍්‍රංශය, රුසියාව, මහා බි‍්‍රතාන්‍යය සහ ඊශ‍්‍රායලයට පමණි. ‘අග්නි 5’ මිසයිලය නිර්මාණය කරන්නේ තම යුද ශක්තිය තරකර ගැනීමට පමණක් බවත් එය කිසිදු රටකට අනතුරක් කිරීමේ අදහසකින් නිර්මාණය නොකරන බවත් ආරක්ෂක පර්යේෂණ සංවර්ධන ආයතනය අවධාරණය කරයි.



අදහස් (0)

ආසියාවටත් යුරෝපයටත් පහර දිය හැකි මිසයිලයක් ඉන්දියාවෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 652 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 776 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 337 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site