IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


ආර්ථික අර්බුදය හමුවේ ඉතාලි අගමැති ඉල්ලා අස්වේ

ඉතාලිය මුහුණදී සිටින දරුණු ආර්ථික අර්බුදය හමුවේ, අගමැති සිල්වියෝ බර්ලූස්කෝනී පෙරේදා (12) ධුරයෙන් ඉල්ලා අස්විය. අගමැති බර්ලූස්කෝනීගේ ඉල්ලා අස්වීමත් සමඟ දහස් ගණනින් ඉතාලි වැසියෝ රෝම අගනුවරට එක්රොක් වී පී‍්‍රති ඝෝෂා පැවැත්වූහ. ස්තී‍්‍රලෝලී බර්ලූස්කෝනී නරුමයකු බව පවසමින් විරෝධතාකරුවෝ ‘ඉතාලිය දිනේවා’, සහ ‘ඉතාලි ජනතාවට ජයග‍්‍රහණය හිමිවුණා’ යැයි කියමින් කෑ ගසන්න වූහ. පී‍්‍රතියට පත් වූ ඇතැමුන් සවුදිය පුරනු ද දැකිය හැකි විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉතාලියේ රෝම අගනුවර සැණකෙළි සිරියක් ගත් බවය. ඉතාලිය, පා පන්දු ලෝක කුසලානය දිනූවිට පී‍්‍රතිවන අයුරින් ඉතාලි වැසියෝ බර්ලූස්කෝනීගේ නික්ම යෑම ගැන පී‍්‍රතිය පළ කළ බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය. වසර 17 ක් තිස්සේ ඉතාලියට නායකත්වය දුන් බර්ලූස්කෝනීට අපවාද චෝදනා රැසක් එල්ල වී තිබේ. හැත්තෑපස් හැවිරිදි ඔහුට එරෙහිව එල්ල වී ඇති ප‍්‍රධාන චෝදනාවක් වන්නේ ළාබාල ගණිකාවන් ඇසුරු කිරීමත් එම ගණිකාවන් වෙනුවෙන් රජයේ ප‍්‍රතිපාදන වැය කිරීමත්ය. බර්ලූස්කෝනීට එරෙහිව නීති මගින් කි‍්‍රයා කිරීමට ඉතාලි විපක්ෂ කණ්ඩායම් අවස්ථා ගණනාවකදී උත්සාහ ගත් නමුත් එම සෑම චෝදනාවකින්ම ගැලවීමට බර්ලූස්කෝනී සමත් වූයේය. සියලූ අභියෝග හමුවේ නොසැලී සිටිය ද අවසානයේදී ඉතාලිය මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ පරාජයවී බර්ලූස්කෝනීට ධුරයෙන් ඉවත්වීමට සිදුවූ බව ඉතාලි පුවත් පත් වාර්තා කර තිබුණි. ඉතාලිය මෙන්ම යුරෝපා රටක් වන ගී‍්‍රසියේ ද මේ අයුරින්ම දේශපාලන පෙරැළියක් පසුගිය සතියේ සිදුවිය. එහිදී ගී‍්‍රක අගමැති පපන්ඩි‍්‍රයෝට ධුරයෙන් ඉවත් වීමට සිදුවූ අතර මේ වනවිට ගී‍්‍රසියේ නව රජයක් පිහිටුවා තිබේ. පසුගිය සතිය පුරාම බර්ලූස්කෝනි එක දිගටම අර්බුද රැසකට මුහුණ දුන්නේය. ඔහුට ඉතාලි පාර්ලිමේන්තුවේ බහුතර බලය ද අහිමි විය. යුරෝපා සංගමයේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ පැකේජය ලබා ගැනීමට ඉතාලි පාර්ලිමේන්තුව කැමැත්ත පළ කිරීමත් සමඟ බර්ලූස්කෝනී, ඉතාලි ජනාධිපති ජෝර්ජියෝ නැපෝලිටානෝ සමඟ සාකච්ඡා කොට ධුරයෙන් ඉවත් වීමට තීරණය කළේය. බර්ලූස්කෝනී පෙරේදා (12) සවස ඉතාලි ජනාධිපති නැපෝලිටානෝ හමුවී ඉල්ලා අස්වීමේ ලිපිය ඔහුට නිල වශයෙන් බාර දුන් අවස්ථාවේ ද රෝම අගනුවර පිහිටි ජනපති මන්දිරය ඉදිරිපිට  බර්ලූස්කෝනී විරෝධීහු දහස් ගණනින් රැස්ව සිටියහ. විරෝධතා පුවරු අතැතිව සිටි එම පිරිස බර්ලූස්කෝනී ජනපති මන්දිරයෙන් එළියට එද්දී පරුෂ වචනයෙන් බැණ වදින්න වූහ. ධුරයෙන් ඉවත් වී මාධ්‍ය හමුවක් පවත්වමින් බර්ලූස්කෝනී කියා සිටියේ ජනපති මන්දිරයෙන් පිටවී යද්දී තමාට අමිහිරි අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවූ බවය. ඉතාලියේ නව අන්තර්වාර අගමැති ලෙස ප‍්‍රවීණ දේශපාලනඥයකු, ආර්ථික විශේෂඥයකු මෙන්ම යුරෝපා සංගමයේ කොමසාරිස්වරයා ද වන මාරියෝ මොන්ටී පත් කිරීමට ඉතාලි ජනාධිපති ජෝර්ජියෝ නැපෝලිටානෝ තීරණය කර ඇත. ඊයේ (13) පිහිටවූ ඉතාලි නව රජයේ මෙන්ම නව අගමැතිවරයාගේ ද ප‍්‍රධානතම අභියෝගය වන්නේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමය. එහෙත් එය පහසු කටයුත්තක් නොවනු ඇති බවත් එය මහත් අභියෝගයක් වනු ඇති බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. සිල්වියෝ බර්ලූස්කෝනි



අදහස් (0)

ආර්ථික අර්බුදය හමුවේ ඉතාලි අගමැති ඉල්ලා අස්වේ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

චීන සත්වෝද්‍යානයේ ‘බලු පැන්ඩෝ’
2024 මැයි මස 09 221 0

චීන සත්වෝද්‍යානයක, පැන්ඩන් වෙනුවට, පැන්ඩන් මෙන් සුදු සහ කළුවලින් වර්ණ ගැන්වූ ‘චොව් චොව්’ වර්ගයේ බල්ලන් දෙදෙනකු ප්‍රදර්ශනය කර තිබේ.


ඇස්ට්‍රාසෙනකා එන්නත් ආපසු කැඳවයි
2024 මැයි මස 08 2856 3

‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව, බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනකා ඖෂධ සමාගම, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන්ගේ ද සහාය ඇතිව, නිපදවූ ‘කොවිඩ් 19’ ප්‍


රුසියාවට ඉරානයට බලපෑම් කරන්න
2024 මැයි මස 08 201 0

ලෝක සාමය වෙනුවෙන්, රුසියාවටත් ඉරානයටත් බලපෑම් කරන්නැයි යුරෝපා කොමිසම, චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන් ඉල්ලීමක් කර තිබේ. යුරෝපා කොමිසම වෙනුවෙන් එහි සභාප


ඊශ්‍රායලයට බෝම්බ යැවීම නවත්වයි
2024 මැයි මස 08 2982 2

නැව් මගින්, ඊශ්‍රායලයට යැවීමට සැලැසුම් කර තිබුණු බෝම්බ තොගයක්, තාවකාලිකව ඊශ්‍රායලයට යැවීම නැවැත්වීමට ඇමෙරිකා රජය තීරණය කර තිබේ. ඒ, ඇමෙරිකාවේ විරෝධය මැ


පුටින්ගේ දිවුරුම්දීමට යන්නේ නෑ
2024 මැයි මස 07 416 0

පසුගිය මාර්තු මාසයේ පැවැති රුසියන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් විශිෂ්ට ජයක් හිමි කරගත් ව්ලැදිමීර් පුටින් අද (7) දිවුරුම් දෙයි.


චීන ජනපති ජින්පින් ප්‍රංශ ජනපති හමුවෙයි
2024 මැයි මස 07 127 0

ප්‍රංශයේ පැරිස් අගනුවරට පැමිණ සිටින, චීන ජනාධිපති ෂී ජින්පින් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, ප්‍රංශ ජනාධිපතිවරයාගේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 554 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1786 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site