ඉරාක ආරක්ෂක අංශවලින් බේරී සැඟවී සිටි එරට සුන්නි මුස්ලිම් උප ජනපති තරීක් අල් හසීමී, පෙරේදා (4) සෞදි අරාබියට පැමිණියේය. අල් කයිඩා සටන්කාමීන් සමඟ එක්වී ඉරාක රජයේ උසස් නිලධාරීන් හා ඇමැතිවරුන් ඝාතනය කිරීමට සැලැසුම් කළ බවට උප ජනපතිට චෝදනා එල්ල වී ඇත. එම චෝදනා හේතුවෙන් ඉරාක අපාරාධ අධිකරණයක් ඔහු අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කර තිබේ. වරෙන්තු නිකුත් කළ අවස්ථාවේ ආරක්ෂක අංශවලින් බේරී උප ජනාධිපතිවරයා ඉරාකයට අයත් කුර්දිස්තානයට පලා ගොස් සැඟවුණේය. පෙරේදා සෞදි අර්බිය පැමිණෙන තෙක් ඔහු සිටියේ කුර්දිස්තානයේය. ”ඉරාක උප ජනපති සෞදියට පැමිණ සිටිනවා. ඔහු සෞදි විදේශ ඇමැති සවුද් අල් ෆයිසාල් හමුවී සාකච්ඡුා කළා.” යැයි නම සඳහන් නොකළ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප‍්‍රකාශ කළේය. උප ජනපති සෞදියට පැමිණ ඇත්තේ ඩෝහා සිටය. උප ජනපති වහාම තමන්ට බාර දෙන ලෙස ඉරාක රජය සෞදියට දැනුම් දී ඇතැයි ද වාර්තා වේ. ඉරාක මුස්ලිම් ජනතාව සුන්නි සහ ෂියා ලෙස කොටස් දෙකකි. ඔවුන් අතරේ ද ආයුධ සන්නද්ධ සටන්කාමී කණ්ඩායම් බිහිවී සිටී. එම සටන්කාමී කණ්ඩායම් අල් කයිඩා, හිස්බුල්ලා, කටාබී, හසාබී අල් හක් ආදී සටන්කාමී සංවිධාන සමඟ සම්බන්ධකම් පවත්වයි.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd