ආජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් නුවර හරහා පෙරේදා (2) උදෑසන හදිසියේ හමා ගිය ප‍්‍රචණ්ඩ සුළි කුණාටුවක් හේතුවෙන් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වුහ. ලක්ෂ 3 කට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමි විය.
සුළි කුණාටුව සමඟ මහ වැසි ඇද හැලූණු අතර ප‍්‍රදේශ කීපයක් ජලයෙන් යට විය. එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මිලි මීටර් 155 ක වර්ෂාපතනයක් ලැබුණු බවය. මරණ වාර්තා වූයේ හදිසියේ හටගත් ජල ගැලීම් හේතුවෙනි.