පාකිස්ථානු තලෙබාන් කණ්ඩායමේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලින් සහ වානිජ අගනුවර වූ කරච්චියේ දිනපතාම පාහේ සිදුවන මිනිස් ඝාතනවලින් අස්ථාවර වූ පාකිස්ථානයේ ගොඩනැගෙමින් පවතින තවත් පෙරමුණක් වන්නේ හසාරාපියා ආගමිකයන් ඉලක්ක කර ගත් ප‍්‍රචණ්ඩත්වයයි. ජනවාරි මස අග සතියේ ක්වේටා නගරයේ ස්ථාන දෙකක සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයන් සියයකට අධික සංඛ්‍යාවක් මියයෑමේ උණුසුම් පහව යන්නටත් පෙර පසුගිය සතියේ සෙනසුරාදා ක්වේටා නගරයේ හසාරා ෂියා ප‍්‍රදේශයක් ඉලක්ක කරගත් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් 85 කට අධික පිරිසක් මිය ගියහ. පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසකගේ දිවි අහිමි කළ මෙම ප‍්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව මෙතෙක් නිශ්චිත නොවු නමුත් එහි වගකීම 2001 දී තහනම් කරන ලද ලෂ්කාර් ජන්ගම් සංවිධානය භාරගන්නා බව එහි ප‍්‍රකාශකයකු වන අබුබකර් සිද්දික් පැවසු බව ජන මාධ්‍ය වල වාර්තා විය. පාකිස්ථානයේ සුළුතර කණ්ඩායමක් වන හසාරාෂියා වාර්ගිකයන් ඉලක්ක කරගත් ප‍්‍රහාරවලින් පසුගිය වසරේදි පමණක් 800 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගියහ.
|
සර්දාරි, කැමරන් සහ කර්සායි |
පසුගිය වසර දහසක පමණ කාලයක් තිස්සේ ඇෆ්ගනිස්ථානයේ සිට පාකිස්ථානයේ බලොකිස්ථානයට සංක‍්‍රමණය වී ඇති හසාරා ෂියා ආගමික කොට්ඨාසය ඉල්සාමිය කණ්ඩායමක් ලෙස පාකිස්ථානයේ සුන්නි බහුතරය සලකන්නේ නැත. එහෙත් මෙම වෙනස්කම එකිනෙකා මරා ගන්නා ප‍්‍රචණ්ඩත්වයක් බවට පත් වූයේ ඉරානයේ ෂා රජුගේ පාලනය බිද වැටී අයතොල්ලා පූජකවරුන්ගේ නායකත්වයෙන් ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීමත් සමගය. ඉරානයට යාබද වූ පාකිස්ථාන දේශසීමා ප‍්‍රදේශයේ සිටින හසාරා ෂියා ආගමිකයන් බිය වැද්දීම හා ප‍්‍රචණ්ඩක‍්‍රියාවලින් පළවා හැරිමේ උත්සාහයක් පැවති අතර ඊට නායකත්වය දුන්නේ පාකිස්ථානු දේශසීමා හමුදා බල ඇණියේ සහායලත් ලස්කාර් ජන්ග්වි සන්නද්ධ කණ්ඩායමයි. ඔවුන් ඇප්ගනිස්ථානයේ තලෙබාන් සංවිධානය සමග සමීප සම්බන්ධතා පැවැත්වූ නිසා 2001 දී තහනම් කළ ද ඔවුන්ට නිදහසේ කටයුතු කිරීමට එය බාධාවක් වුයේ නැත. එම නිසා පෂ්ටුන් සම්භවයක් ඇති ලස්කාර් කණ්ඩායමට හමුදාවේ සහාය ලැබෙන බවත් ඔවුන් මර්දනය කිරීමට හමුදාවෙන් කිසිදු පියවරක් නොගන්නා බවත් හසාරාෂියා වාර්ගිකයෝ චෝදනා කරති. ජනවාරි මාසයේදි ක්වේටා නගරයේ සිදු වූ ප‍්‍රහාරයෙන් මිය ගියවුන් ඉස්ලාමීය ආගමික චාරිත‍්‍ර අනුව වහාම භූමදානය නොකොට දින තුනක් තිස්සේ විරෝධය දැක්වූයේද එම නිසාය.
එවිට හාසාරා වාර්ගිකයන්ගේ මූලික ඉල්ලීම වුයේ ප‍්‍රාන්ත පාලනය ලස්කාර් ජන්ග්වි කණ්ඩායම පාලනය කිරීමට නිසි පියවර නොගන්නා බැවින් මහ ඇමති ඉවත් කොට ආණ්ඩුකාරයාට පාලනය භාරදිය යුතුය යන්නයි. ක්වේටා නගරයේත් පාකිස්ථානයේ සෙසු නගරවලත් පැවති විරෝධය නිසා ජනාධිපති සර්දාරි ප‍්‍රාන්ත පාලනයේ අගමැති නවාබ් අස්ලාම් රයිසානි තනතුරෙන් ඉවත් කොට පාලනය ආණ්ඩුකාරයාට භාර කළේය. එහෙත් එම පත්වීම සිදු කොට සතියක් ගතවීමට පෙර තවත් එවැනිම මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් පවතින අර්බුදයට එය විසඳුමක් නොවන බව පැහැදිලිය. බොහෝ නිරීක්‍ෂකයන් සඳහන් කරන ආකාරයට ඉරානයට හා ඇප්ගනිස්ථානයට මායිම් වන බැලොකිස්ථානයේ පවතින අස්ථාවර භාවය හසාරා වාර්ගිකයන් ඉලක්ක කරගත් ප‍්‍රචණ්ඩත්වයට වඩා බරපතළය.
ජන සංඛ්‍යාව අතින් කුඩා වුවත් භූමි ප‍්‍රදේශය අනුව පාකිස්ථානයේ විශාලම ප‍්‍රාන්තය වන බැලොකිස්ථානයේ උපාය මාර්ගික පිහිටිමද වැදගත්ය. එහෙත් මෙම ප‍්‍රදේශයට ඉස්ලාමාබාද් පාලනයෙන් වෙනස් කොට සලකන්නේය යන චෝදනාව නිසා බෙදී වෙන්ව යාමේ ප‍්‍රවණතාවක්ද පවතී. බැලොකිස්තානු ජාතික ව්‍යාපාරයේ නායකයෙකු වූ මාවාබ් අක්බාර් කාන් බ‍්‍රග්ට් 2006 දී ඝාතනය කිරීමත් සමග තත්ත්වය වඩාත් සංකීර්ණ විය. මෙම ඝාතනය සිදු කරනු ලැබුවේ දේශසීමා හමුදා බලඇණිය විසින්යැයි බැලොකිස්ථානු නායකයින් චෝදනා කළත් පාකිස්ථානු මධ්‍යම රජය ඒ ගැන උනන්දුවක් දැක්වූයේ නැත. එම නිසා 2008 පැවති ප‍්‍රාන්ත සභා ඡුන්ද විමසීම බැලොකි ජාතික පක්‍ෂ වර්ජනය කළ නිසා ජනාධිපති සර්දාරිගේ නායකත්වයෙන් යුත් පාකිස්ථානු ජනතා පක්‍ෂයට පහසු ජයක් ලබාගත හැකිවිය.
පාකිස්ථානයේ මානව හිමිකම් කොමිසමේ 2012 වාර්තාවේ දැක්වෙන ආකාරයට මහ ඇමති රයිසානිගේ පාලනය එම ප‍්‍රදේශය තුළ නීතිය හා සාමය තහවුරු කිරීමට උනන්දු වන්නේ නැත. හසාරා - ෂියා වාර්ගිකයන් බොහෝ ප‍්‍රදේශවලින් ක‍්‍රමානුකූලව ඉවත් කිරීමේ උත්සාහයක් පවතින අතර ප‍්‍රාන්ත පාලනයද වාර්ගිකව හා ආගමිකව ඔවුන්ට වෙනස් කොට සැලකීමේ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරයි. හසාරා - ෂියා වාර්ගිකයින්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා ගැනද ප‍්‍රාන්ත පාලනය කිසිදු පියවරක් ගෙන නොමැත. ආරක්ෂක විධිවිධාන බෙහෙවින් තර කොට ඇති ක්වේටා නගරය තුළ සති කීපයක් ඇතුළත මෙවැනි විශාල ඝාතන දෙකක් සිදු කිරීමට හැකි වූයේද ප‍්‍රාන්ත පාලනයේ අකාර්යක්‍ෂමතාව නිසාය.
|
සමහර වාර්තාවල සඳහන් වන ආකාරයට ක්වේටා අගනුවර වන බැලොකිස්ථානයේ පවතින අර්බුදකාරි තත්ත්වයට ජාත්‍යන්තර බලපෑම්ද පවතී. බැලොකිස්තානයේ ඉදිකර ඇති ග්වැදර් වරායේ පාලනය චීනය අතට පත්වීමත් ග්වැදර් නගරයේ සිට චීන දේශ සීමාව දක්වා ඉදිකිරීමට නියමිත මහා මාර්ගයත් එක්සත් ජනපදයේ මෙන්ම ඉන්දියාවේද අවධානයට ලක්ව ඇත. මෙම මහාමාර්ගය ඔස්සේ චීනයට අප‍්‍රිකාවෙන් හා මැදපෙරදිගින් කෙරෙන ආනයන සඳහා පහසු කෙටි මාර්ගයක් විවෘත වීමට අමතරව ඇමරිකානු ආධිපත්‍යයට යටත්කර ගත හැකි ඉන්දියානු පැසිපික් මුහුදු මාර්ගය මඟ හැරීමටද හැකිවේ. එවැනි තත්ත්වයක් යටතේ බැලොකිස්ථානය අස්ථාවර කිරීමත් එහි බෙදුම්වාදි ව්‍යාපාරයක් සවිමත් වීමත් චීනයේ සැලසුම් ව්‍යර්ථ කිරීමේ පහසු මාර්ගයකි. මෙවැනි සංකීර්ණ තත්ත්ව නිසි ලෙස සැලකිල්ලට නොගන්නේ නම් පාකිස්ථානය තවත් යුගොස්ලාවියාවක් වීම වැළැක්විය හැකි නොවේ.
සටහන: මහින්ද හත්තක
|
ක්වෙටා නගරයේ බෝම්බ ප‍්‍රහාරයෙන් මියගිය පුද්ලයෝ |
|
බෝම්බ ප‍්‍රහාර නවත්වන්නැයි ජනතාව වීදි බැස |
|
ක්වෙටාවල බෝම්බ ප‍්‍රහාරය එල්ලවූ ස්ථානය |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදාවත් එසේ නොවේවා (දී)
මුස්ලිම් බහුතරයක් සිටින සෑම රටකම යුද්ධයක් තියෙනවාමයි. (නි)
ඇයි එයාලගේ ජාතියම මරාගන්නේ.(නදී)
ඉස්ලාමීය රාජ්‍යය කියන වචනය තියෙනකල් ලෝකයේ මේ ප්‍රශ්නය විසදන්න බැහැ කියලයි මම නම් හිතන්නේ. (නි)
ඇමරිකාව, චීනය අතර වක්‍ර යුද්‍දයේ ගැටෙන පකිස්ථානය .(ස)
කරපු පව් වාගෙම කරන පව්වල මහිමය.(ස)
ආගමික ගැටුම් නවත්වන්න කාලේ හරි (දී)
මහේෂ් මේකටත් ආගම ගෑව්වද? මට කියන්න අපේ යුද්දේ තිබුනේ මොන වර්ගේ කරුමෙකටද ? (ස)
මහේෂ් අපිට සුනාමි ආවේ කරුමෙටද? (ස)
සමහර ලාංකිකයින්ටත් දැන් කරගන්න ඕනෑ වෙලා තියෙන්නේ මේ දේම තමයි. (නි)
මිනිස් වර්ගයා ගැන පුදුම කලකිරීමක් ඇතිවන්නේ... (ස)
ඇයි මේ එකම ආගමේ මිනිස්සු මරාගන්නේ? (නි)
ලොකෙ වැඩිපුරම ත්‍රස්තවාදීන් ඉන්නෙ මුස්ලිම් රටවල... (නි)
සමහරුන්ට මොළය කළදක්වත් නැති බව අදහස් වලින්ම පෙනෙනවා. (නි)
ඕකට තමයි දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්නේ. පාකිස්ථාන්, ඇප්ගනිස්ථානය, ඉරානය, ඉරාකය මේ ඔක්කොම ඉස්සර බෞද්ධ රටවල්. රහතන් වහන්නේලා ලක්ෂ ගනනක් ඝාතනය කරපු පාපයට තවම නියම දඩුවම් ලැබුනේ නැහැ. තව ඉස්සරහට කල්පයක් තරම් පව් ගෙවන්න වෙයි.(නදී)
සිහලුනේ, පේනවා නේද මුස්ලිම් අයගේ සහජීවනය? (නි)