රජයට එරෙහිව ජනතාව ‘උසිගන්වන’ ආගමික නායක මුහම්මද් තහිරුල් කද්රි උත්සහ ගන්නේ හමුදා කුමන්ත‍්‍රණයකින් රජය පෙරළන්න යැයි පාකිස්තානයේ පාලක පක්ෂය පවසයි.
පාලක ජනතා පක්ෂය ප‍්‍රමුඛ රජයට කද්රි හිසරදයක් වූයේ මීට දින කිහිපයකට පෙර සිටය. කද්රි දස දහස් ගණනක් විරෝධතාකරුවන් සහ අනුගාමිකයන් පිරිවරාගෙන ඉකුත් 15 වැනිදා ඉස්ලාමාබාද් අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදීමට උත්සාහ කළේය.
එහෙත් පොලිසිය එම පිරිසට හරස් වීමත්, පාර්ලිමේන්තුව වට කරමින් මාර්ග බාධක යෙදවීමත් සමඟ විරෝධතාකරුවෝ පාර්ලිමේන්තුව ඉදිරිපිට කඳවුරු බැඳ ගත්හ. ඔවුන් පවසන්නේ පාර්ලිමේන්තුව විසුරුවන තෙක් එම ස්ථානයෙන් ඉවත්ව නොයන බවය.
රටේ දුෂණ වංචා දිනෙන් දින ඉහළ යෑමට විරෝධය පළ කරමින්, මැතිවරණ පැවැත්වීම ප‍්‍රමාද කිරීම සහ නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ පැවැත්වීමට රජය අපොහොසත් යැයි චෝදනා කරමින්, රජයට එරෙහි එම විරෝධතා සංවිධානය කර තිබුණි.
පසුගිය පස් වසර පුරා කැනඩාවේ පදිංචි වී සිටි, දැඩි මතධාරී ආගමික නායකයකු වන 61 හැවිරිදි කද්රී මීට වසර කිහිපයකට පෙර, පාකිස්තාන රජයට අනතුරු අඟවා තිබුණේ, පාකිස්තාන දේශපාලනයේ පැහැදිලි වෙනසක් දකින්න නොලැබේ නම් මෙම වසරේ මාර්තු මාසය වෙද්දී පාර්ලිමේන්තුව විසුරුවන්නැයි බල කරමින් දැවැන්ත විරෝධතාආරම්භ කරන බවටය.
පාකිස්තානයේ ආර්ථිකය කඩා වැටී ඇති අතර, රට බලශක්ති අර්බුදයක්ද පවතී. එපමණක් නොව ආගමික ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ද දිනෙන් දින උත්සන්න වී ඇත. පාකිස්තානය මෙසේ අස්ථාවර වී ඇත්තේ, දේශපාලන ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාත්මක නොවීම හේතුවෙන් යැයි කද්රී පෙන්වා දෙයි.
පවතින එම අර්බුදයෙන් මිදීමට නම්, පාර්ලිමේන්තුව විසුරුවා හැර, හමුදාව යළිත් රටේ පාලන බලය අතට ගෙන මහ මැතිවරණයක් පවත්වන තුරු භාරකාර රජයක් පිහිටුවිය යුතු යැයි කද්රී යෝජනා කරයි.
පාකිස්තාන හමුදාපති ජනරාල් අෆ්තාක් කයානී පවසා ඇත්තේ කද්රි සමඟ හෝ ඔහුගේ අනුගාමිකයන් සමඟ හෝ කිසිදු සම්බන්ධයක් නොමැති බවය. කෙසේ නමුත් ජනතා පක්ෂය පෙන්වා දෙන්නේ කද්රිගේ අනුගාමිකයන් පිරිසක් හමුදා ප‍්‍රධානීන් සමඟ සාකච්ඡා පවත්වා ඇති බවය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ආගමික නායක කද්රි රජය පෙරළන්න කුමන්ත‍්‍රණ කරනවා