සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා වූ පාර්ලිමේන්තු පණතට ප්‍රංශයේ ජනාධිපති ෆ්‍රොන්සුවා හොලාන්ඩ් අත්සන් තැබීය.
ප්‍රංශ විපක්ෂය විසින් මීට විරුද්ධත්වය පළ කර සිටියද ව්‍යවස්ථාදායක සභාව විසින් එම අභියෝගය නිෂ්ප්‍රභා කර තිබෙන බව විදෙස් වාර්තා කියයි.
මේ වන විට නෙදර්ලන්තය, බෙල්ජියම, ස්පාඤ්ඤය, කැනඩාව, ඇමෙරිකාව, ආජන්ටිනාව, නවසීලන්තය හා උරුගුවේ යන රටවල් විසින් සමලිංගික විවාහ නීතිගත කර තිබේ.
සමලිංගික විවාහ නීතිගත කළ නවවැනි යුරෝපීය රට බවටත්, 14 වැනි රට බවටත් ප්‍රංශය පත්වී හමාරය.
මැයි 29 දා , දකුණු ප්‍රංශයෙන් පළමු සමලිංගික විවාහය දැක ගත හැකි බව විදෙස් ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසා අවරුදු අස්න්කෙයියක් ආයුසේ ඉඳල ක්‍රමයෙන් බැහැගෙන ඇවිත් අවරුදු 500 සිට අවරුදු 100 ට ආයුස පිරිහුනේ සමලිංගික එකතුවීම් යන මේ නින්දිත අකුසලයෙන්. බුදු බණේ මේකට කියන්නේ නින්දිත අකුසල්.(නදී)
ලංකාවෙත් ඔය වැඩේ කරන්න වැලි කෑවනේ.අම්මෝ .....හොදට හිටීවි. (ත)
මේවා දැකලා ලංකාවේ ඉන්න සම ලිංගික අයත් මේ වෙලාවේ පෙළපාලි යාවිද දන්නේ නැහැ. මේවා අද ඊයේ සිදුවන දේවල් නෙමේ. බ්යිබලයේ හැටියට දැනට අවුරුදු 5000 කට කලිනුත් මේවා සිදු වෙලා තියෙනවා . අර සොදොම් සහ ගොමෝරා කතාව එකට නිදසුනක්.(නදී)
මෙහෙමයි. මේවට බුදුදහමේ පමණක් නෙමෙයි කතෝලික පල්ලියත් දැඩිව විරුද්ධයි.කතෝලික පල්ලිය ගබ්සාවටත් දැඩිව විරුද්ධයි.වැඩේ තියෙන්නේ ලෝකේ දැන් පාලනේ කරන්නේ ආගම් වලින් නොව දේශපාලන තියරි වලින් වීමයි.කොමියුනිස්ට්,ලිබරල්,ෆෙඩරල් ආදී ලෙස. (නි)
ඉස්සර ආසියාවේ වගේ යුරෝපෙත් රාජ්‍ය පාලනේට පල්ලියට බලේ තිබුනා. දැන් ඒ ක්‍රමේ වෙනස් වෙලා. හැමදේම තර්කෙන් හිතන නිසා දේශපාලනෙන් පල්ලිය ඉවත් කරලා. ඒකයි මේවා ඕන ඕන විදියට සම්මත කරගන්නේ. ලගදි අයර්ලන්තේ රෝහලක ගබ්සාවක් කලයුතු උනත් වෛද්‍යවරුන්ට ලෙඩා මැරෙන තෙක් කිසි දෙයක් කල නොහැකි උනා.(නදී)
යථාර්තය හිතන්න.රෑ දහයෙන් පස්සේ ගල්කිස්ස හන්දිය,බෙලෙක්කඩේ හන්දිය,මැලිබන් හන්දිය සහ කොළඹ නොයෙක් තැන වල පාරවල් දිගේ සමලිංගිකයෝ ඉන්නවා. නපුංසකයෝ ඉන්නවා.මෙයාලට අයිතීන් සහ හැගීම් ගැන උසාවි ගියොත් මොකෝ වෙන්නේ.දැන් හොංකොං වලත් නඩුවක් ඇහෙනවා (නි)
වැඩිය අවුස්සන්න ගියොත් එයාලත් යාවි ජිනිවා.ගිහින් මානව හිමිකන් කතා කරයි. (ස)
මෙහෙමයි. හැමෝටම අයිතීන් තියෙන්න ඕනෑ.කෙනෙක් නපුන්සක තාලෙට ඉපදුනොත් ඒ දේ කරුමවාදේට බාර දීලා ශේප් වෙනවට වඩා මානුෂිකව හිතන එකයි යුතුකම.හොදයි ලංකාවේ මෙහෙම අය නැහැයි කියලද කියන්නේ.කොළඹ තව රටවත් දකිනවා.ගම් වල ඔක්කොම හොරාට. (නි)
අන්න ඕකයි සුද්දගේ වැඩ කෙලින් කියලා කියන්නේ. අපේ නම් කට්ටිය එලිබහින්නේ රෑ මැද. කළත් හැමදේම හොරෙන්. ඒ කියන්නේ එහෙත් එහෙමයි මෙහෙත් එහෙමයි හැබැයි වෙන විදිහ විතරයි වෙනස්. අන්තිමට වැඩේ වෙලා.හැබැයි අපි තමා උතුම්.... (නි)
ගබ්සාව පමණක් නෙවේ ශීලා දික් කසාදය, සමලිංගික සේවනය වගේ දේවල් බයිබලේ තහනම්. පිලිපිනේ තමයි ලොව දැඩිම කතෝලික රාජ්‍ය. එහි දික් කසාද තහනම්. මේවැනි නීති සමාජ අර්බුද ගොඩක් එහෙ නිර්මාණය කරලා.(නදී)
අපේ රටෙත් ඉන්නවනේ මේ අය.දැනට කිසි සද්දයක් නැහැනේ.ඔය ඉන්න විදියට ඉන්න දෙන්න. නිකන් වැඩ දීලා ජිනිවා යන තැනට පත් නොකර ඉමු. (නි)
කොල්ලෙක් කෙල්ලෙකුට ආදරේ කරනවාටත් වඩා අවංකව කොල්ලෙකුට තවත් කොල්ලෙකුට ආදරේ කරන්න පුළුවන් කියන සරල දේ තේරුම් ගන්න බැරි අය ඉන්න රටක් නේ මේක. ආදරේ කියන එකේ තේරුමවත් දන්නේ නැති අය ආදරේ කරන්නේ කොහොමද කියන එක ලොකු ප්‍රශ්නයක්. ඒ ගොල්ලොත් මිනිස්සු. මෙතන ප්‍රතිචාර කරන හැමෝටම වඩා ගැඹුරින් ධර්මය ගැන අවබෝධයක් තියෙන සමලිංගික අය ඉන්නවා. මේ මිනිස්සු හිතන් ඉන්නේ මේ ගොල්ලෝ සමලිංගික නොවුණු පලියට අනිත් ජඩ වැඩ සේරම කර කර මේගොල්ලෝ හරි 'බෞද්ධ' කියලා. සමලිංගික ආකර්ෂණය විරුද්ධ ලිංගික ආකර්ෂණයට වඩා අල්ප මාත්‍රයකින් වත් නරක දෙයක් නෙවෙයි. මෙතන ඉන්න කතාකරන්න දන්නේ නැති බක පණ්ඩිතයන්ට වඩා දහස් ගුණයක් හොද හදවත් තියෙන සමලිංගික අය ඉන්නවා. (නි)
අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයිලු රාලේ. (ස)
කුසල්, ඔබට තරහ ගිහින් තියෙන්නේ මොකද ? අපි කිව්වේ අස්වාභාවික ලිංගික පැවැත්ම ශිෂ්ට නැහැ කියන එක. මේකේ හොඳ නරක දකින්නේ ඔබ සිටින පසුබිම මත. ලෝකයේ තිබෙනවා හොඳ සහ නරක. එහෙත් අපි නරක කියන දේවල් සමහර රටවල නීතියෙන් සම්මත දේවල්. (නි)
මර්සි, ඔබ දන්නේ නැහැ මට තරහ ගියාද නැද්ද කියලා. සමහර විට ඇත්ත දැක්කම තරහ ගියේ ඔබට වෙන්න පුළුවන්. සමලිංගිකත්වය 'අස්වාභාවිකයි' කියල සම්මතයකට එල්බගෙන ඉන්නේ ඕගොල්ලෝ. එකයි මේ රටට කවදාවත් ඉදිරියට යන්න බැරි. ලෝකයේ තියෙනවා හොඳ සහ නරක. නරක දේ 'රාගය' එහෙම නැතුව ඒ රාගය හටගන්නේ පිරිමියෙක් වෙත ද ගැහැනියක් වෙත ද කියන එක නෙවෙයි. ඔයාල වගේ අයට ගැහැනියක් එක්ක නම් කාමයෙහි වරදවා හැසිරුනත් ප්‍රශ්නයක් නැතුව ඇති නේද? කාමයෙහි වරදවා හැසිරෙනවා කියන එකේ තේරුමවත් දන්නවා ද කියන එක මට ප්‍රශ්නයක්. (නදී)