
ඇමෙරිකාවට අයත් පාලන ප්‍රදේශයක් ලෙස සැලකෙන පුවර්ටෝ රීකෝ කැරිබියානු දූපත් රාජ්‍යයේ වැසියන් මිලියන තුනකට වැඩි පිරිසක්, විදුලි බලය නොමැතිව නව අවුරුදු උදාව පිළිගත්හ.
පුවර්ටෝ රීකෝ රාජ්‍යය, අවුරුදු උදාවට ඔන්න මෙන්න කියා තිබියදී අඳුරේ ගිලී ගියේ, එහි ජාතික විදුලි බල පද්ධතිය බිඳ වැටීමෙනි.
2017 වසරේ ‘මරියා’ සුළි කුණාටුවේ බලපෑමට පුවර්ටෝ රීකෝ දූපත් රාජ්‍යය හසුවිය. රටේ විදුලිබල පද්ධතියට දරුණු ලෙස හානි සිදුවූයේ එම සුළි කුණාටුවෙනි.
මේ වනතුරු එය යථා තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි වුණු අතර, පසුගිය වසරේ පැය ගණනින් දූපත් රාජ්‍යයේ තැනිත් තැන විදුලිය බිඳ වැටීම් සිදුවිය. කෙසේ නමුත් මහා විදුලිය බිඳ වැටීමකින් මුළු දූපතම අඳුරු වුණු පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.
BBC

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd