ඉන්දියාවේ නවදිල්ලි අගනුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 4.4 ක් ලෙස පහළ වැටී ඇති බවත්, මෙවැනි උෂ්ණත්වය අඩුවීමක් වාර්තා වන්නේ වසර 44 කට පසුව බවත් එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
සීතලත් සමඟ ඝන මීදුමකින් ද නවදිල්ලි නුවර ප‍්‍රදේශ කිහිපයක් වැසී යෑමෙන් උදෑසන මාර්ග රැසක ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල වූ බව ද වාර්තා වේ.
මේ අතර ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්තයට පසුගිය සති කිහිපය පුරාවට බලපෑ අධික සීතල කාලගුණය හේතුවෙන් 107 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙටත් එහෙම වේවිද ? (ස)