බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් ඊයේ සවස (10) ජපානයට පැමිණි අතර, ජපන් අගමැති යොෂිහිකෝ නෝඩා හමුවී අවි ගනු ගනුදෙනු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.
ජපානයේ ආරක්ෂක වෙළෙඳපොළට සම්බන්ධ වෙමින් දෙරටේ වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීමත් මිතුදම් වර්ධනය කර ගැනීමත් බි‍්‍රතාන්‍ය අගමැතිවරයාගේ ප‍්‍රධාන අරමුණ විය.
ජපන් හමුදාවට ඔවුන්ගේ ශක්තිය වර්ධනය කිරීමට අවශ්‍ය ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා, ප‍්‍රහාරක ජෙට් යානා මෙන්ම යුද්ධෝපකරණ බි‍්‍රතාන්‍යයෙන් ලබා දීම එම ගනුදෙනු පිළිබඳ සාකච්ඡුාවලදී ප‍්‍රධාන තැනක් ගත් බව වාර්තා විය.
බි‍්‍රතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව කටයුතු කරන පෞද්ගලික සමාගම් කිහිපයක ව්‍යාපාර ප‍්‍රධානීහුද අගමැති කැමරන් සමඟ එම සංචාරයට එක්ව සිටියහ.
ජපානය ඔවුන්ගේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ගනුදෙනු පවත්වන්නේ ඇමෙරිකාව සමඟය. එම ගනුදෙනුවලදී බි‍්‍රතාන්‍යය ද හවුල්කරුවකු කර ගැනීමට ජපන් අගමැති නෝඩා තීරණය කළේ දීර්ඝ වශයෙන් බි‍්‍රතාන්‍ය රජය සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය.
ජපානය, විදේශ සමඟ යුද්ධෝපකරණ ගනුදෙනු කිරීම වසර ගණනාවක් තිස්සේ නවතා තිබුණි. ඒ, ස්වයංවාරණයක් පනවා ගැනීමෙනි. එම වාරණය ඉකුත් වසරේ දෙසැම්බරයේදී ඉවත් කිරීමට අගමැති නෝඩාගේ රජය පියවර ගත්තේය. ඒ අනුව ඇමෙරිකාවේ නිෂ්පාදිත, ඇමෙරිකන් ඩොලර් බිලියන 4.7 ක් වටිනා එෆ් 15 වර්ගයේ ප‍්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීමට ද එකඟ විය.
ටෝකියෝ ගුවන් තොටු පොළට පැමිණි බි‍්‍රතාන්‍ය අගමැතිවරයා ප‍්‍රමුඛ ව්‍යාපාර ප‍්‍රධානීන් හරසරින් පිළි ගැනීමට ජපන් රජය කටයුතු යොදා තිබුණි.
නිසාන් මෝටර් නිෂ්පාදන සමාගමේ සංචාරය කළ අගමැති කැමරන් බි‍්‍රතාන්‍යය වෙනුවෙන් ලාබදායී මෝටර් රථයක් නිපදවා ගැනීමට සාකච්ඡා පැවැත්වීය.
ඉන්පසු ඔහු ජපානයේ අකිහිතෝ අධිරාජයා හමුවීමට ද නියමිතව තිබුණි.
ජපන් සංචාරයෙන් පසු අගමැති කැමරන් මියන්මාරයට ගොස් මියන්මාර ජනපති ත්වාන් සෙන් සහ එරට ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කී ද හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
මියන්මාර හමුදා පාලනය අවසන් වී සිවිල් රජයක් පිහිටුවීමෙන් පසු බටහිර රාජ්‍ය නායකයකු මියන්මාරයට පැමිණෙන ප‍්‍රථම අවස්ථාව වනු ඇත්තේ එයයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අවි ගනුදෙනු ගැන කතා කරන්න බි‍්‍රතාන්‍ය අගමැති ජපානයට යයි