IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


අලුත් විදුලි පහනක් එයි

ගුරුත්ව බලයෙන් ජව ගැනිවිය හැකි විදුලි පහනක් හදුන්වාදීමට බ්‍රිතාන්‍යයේ ඩෙසිවොට් නම් සමාගමක්
සමත්ව සිටී.

'ගුරුත්ව පහන' යන නාමයෙන් හැදින්වෙන මේ නිර්මාණය ඉන්දියාවේ හා අප්‍රිකාවේ අති දුෂ්කර
ප්‍රදේශවල වෙසෙනා ජනයා ඉලක්ක කර ගෙන නිපදවා ඇත. ඒ එවන් ප්‍රදේශවලට බොහෝ අවස්ථාවන්හි
විදුලි බලය මෙතෙක් සපයා දීමට බලධාරීන් අපොහොත්ව තිබීම නිසාය.තවද විදුලි බුබුලූ වලට ආදේශක ලෙස කුප්පි ලාම්පු ලන්තෑරුම් ආදිය භාවිතා කරන මෙවන් ජනයා ඒවා නිසාම අනතුරට පත්වීමේ අවදානමද ඒවාට භාවිතා වන භූමිතෙල් වැනි ඉන්ධන වලට ඔවුන්ට දැරීමට වන වියදමද ගුරුත්ව පහණේ  නිර්මාපකයන් සැළැකිල්ලට ගෙන තිබේ.

ඉතා සරල ඇටැවුමක් වන මෙහි ඇත්තේ ආලෝක විමෝචක (එල්.ඊ.ඩී) වර්ගයේ පහණකි.එය ඩයිනමෝවක් සහිත වූ පරිපථයකට සම්බන්ධ කර ඇත.ඩයිනමෝ පරිපථයෙන් පහළට විහිදෙන රැහැන් දෙකකි.එයින් එකකට වැලි පිරැවූ මල්ලක් එල්වනු ලබයි.අනෙක් රැහැනේ ආධාරයෙන් මේ වැලි පැරැවූ මල්ල ඉහළට එසැවිය හැකි අතර ඉහළට ඔසවා අවසානයේ එය ගුරුත්වය යටතේ සෙමෙන් පහළට වැටීමට සළස්වා ඇත.මෙසේ නිදහසේ පහළට වැටෙනා වැලි ගොනිය හා සම්බන්ධ රැහැන ඇදීයාම නිසා ඩයිනමෝව කැරකැවේ. එයින් උපදින විදුලිය පරිපථයේ ගබඩා වී එල්.ඊ.ඩී පහණ දල්වයි.

වරක් ඇදීමෙන් විනාඩි 30 ක පමණ කාලයක් පුරා පහන දල්වා තිබිය හැකි බව මෙහි නිර්මාපකයන් කියයි.මෙවන් ඒකක 1000 ක් පමණ දැනටමත් ඉන්දියාවේ දුෂ්කර ප්‍රදේශවල ජනතාව අතර ඛෙදා දීමට සැළැසුම් කර ඇතැයි සදහන්ය.ඉදිරියේදී ජංගම දුරකථන ආදී උපකරණද ජව ගැන්වීමට මෙය දියුණු කිරීම ඩෙසිවොට් සමාගමේ අරමුණයි.



අදහස් (0)

අලුත් විදුලි පහනක් එයි

කුමාරි Monday, 24 December 2012 06:20 AM

හිගවන බලශක්තියට කදිම විසදුමක්. අගය කල යුතුයි (ස)

:       0       0

දර්ශි Monday, 24 December 2012 07:08 AM

හොඳ භාණ්ඩයක් , විශිෂ්ටයි ශ්‍රී ලංකා (ස)

:       0       0

ලංකා Monday, 24 December 2012 08:19 AM

වැඩි දියුණු කිරීම අත්‍යවශ්‍යයෙන්ම වියයුතුයි. (නි)

:       0       0

රංජිත් Monday, 24 December 2012 10:30 AM

හදිසි අවස්ථාවන්ට ඉතා වටිනා නිර්මාණයක්.ගුරුත්ව බලයෙන් වැඩකරන මෝටර් මේ වනවිට නිපදවා තිබෙනවා. ලංකාවෙත් ගැජට් වැඩට දක්ෂ අයට මෙන්න ලින්ක් එකක්. http://www.youtube.com/watch?v=287qd4uI7-E (ස)

:       0       0

චානක Sunday, 23 December 2012 07:05 PM

නියමයි (ස)

:       0       0

මනෝජ් Sunday, 23 December 2012 09:22 PM

හොද නිපැයුමක් අගය කළ යුතුයි...!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 671 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17780 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 747 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site