IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


අල් ලිබී මරා දැමීම අල් කයිඩා සංවිධානයට දුන් අතුල් පහරක්

පාකිස්තානයේ සැඟවී සිටි අල් කයිඩා සංවිධානයේ දෙවැනියා වූ අබූ යාහා අල් ලිබී, ඩ්‍රෝන යානා යොදා ගනිමින් මරා දැමීමට සමත් වීම, බින් ලාඩන් ඝාතනයෙන් පසු අල් කයිඩාවට එල්ල කළ අතුල් පහරක් යැයි ඇමෙරිකාව ඊයේ (6) කියා සිටියේය. ”අල් ලිබී ඝාතනය වූ බව මේ වනවිට තහවුරු වී තිබෙනවා. එම ඝාතනය නිසා අල් කයිඩා සංවිධානය තවත් පසුබෑමකට ලක් වී තිබෙනවා.” යැයි ධවල මන්දිර ප‍්‍රකාශක ජිම් කාර්නී මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ පැවැසීය. ඇමෙරිකා හමුදාව සහ එරට සී.අයි.ඒ. බුද්ධි අංශය එක් වී ඩ්‍රෝන යානා යොදා ගනිමින් අබූ යාහා අල් ලිබී ඝාතනය කළේ ඉකුත් 4 වැනිදාය. එම අවස්ථාවේදී ඔහු සැඟවී සිටියේ ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාව අසල උතුරු වසිරිස්තානයේ තලේබාන් සටන්කාමීන්ගේ තිප්පොළකය. පාකිස්තානයේ පමණක් නොව, යේමනයේ කි‍්‍රයාත්මක උතුරු අපි‍්‍රකා අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා ජාලයේ මෙහෙයුම් සැලැසුම් කළේ අබූ යාහා අල් ලිබීය. ඇෆ්ගනිස්තානයේ සහ යේමනයේ ඇමෙරිකා හමුදා ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාර සැලැසුම් කළ තැනැත්තා ලෙස ද සී.අයි.ඒ. බුද්ධි අංශය අල් ලිබී හඳුනා ගෙන ඇත. ප‍්‍රධාන පෙළේ අල් කයිඩා නායකයකු ඝාතනය කිරීමට ඇමෙරිකා හමුදා සමත් වීම, ‘ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී’ ලැබූ තවත් විශිෂ්ට ජයග‍්‍රහණයක් යැයි ජනපති බැරැුක් ඔබාමා ද පවසා ඇත. පසුගිය වසරේ මැයි මාසයේ පාකිස්තානයේ ඇබොට්ටාබාද් නගරයේ සැඟවී සිටි අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතන මෙහෙයුම සිදුවුණේ ජනපති ඔබාමාගේ අධීක්ෂණය යටතේය.



අදහස් (0)

අල් ලිබී මරා දැමීම අල් කයිඩා සංවිධානයට දුන් අතුල් පහරක්

කිරිමාටින් Thursday, 07 June 2012 11:09 AM

අලි බබත් අල්කයිඩා එකට සම්බන්ධයිද දන්නෑ ..

:       0       0

රන් පුතා Thursday, 07 June 2012 06:51 PM

හොදයි.....

:       0       0

අලිබබා Thursday, 07 June 2012 08:17 PM

අඩේ කිරිමාටියා. වා නම් වා. පෝ නම් පෝ. කම් ඕ ගෝ චිකාගෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 589 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 735 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 311 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site