IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


අල් කයිඩා සාමාජික අවුලාකී ඇමෙරිකන් ප‍්‍රහාරයෙන් මරුට

ඇමෙරිකාවේ උපත ලැබ යේමනයට පලා ගොස්, උතුරු අපි‍්‍රකා අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා ත‍්‍රස්ත සංවිධානය සමඟ එක්වූ අන්වාර් අල් අව්ලාකී මරා දැමීමට සමත් වූ බව ඇමෙරිකාව පවසයි. ඇමෙරිකා හමුදා අව්ලාකී මරා දමා ඇත්තේ නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් මිසයිල ප‍්‍රහාරයක් එල්ල කිරීමෙනි. අව්ලාකී, උතුරුදිග යේමනයේ අල් ජෝව් පළාතේ සැඟවී සිට අතර ඔහු සිටින තැන ඇමෙරිකා හමුදා දැනගෙන ඇත්තේ අත්අඩංගුවේ සිටින අල් කයිඩා සාමාජිකයකුගෙන් කළ ප‍්‍රශ්න කිරීමකදීය. උතුරු අපි‍්‍රකා අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සංවිධානය, යේමන රජයට මහත් හිසරදයක් වී ඇත. සටන්කාමීන් සමඟ යේමන රජයේ හමුදා නිරන්තරයෙන් ගැටුම් ඇති කර ගනී. අල් කයිඩාවට එරෙහි සටනේදී යේමන ජනාධිපති අලී අබ්දුල්ලා සාලේට ඇමෙරිකාව සහාය දක්වයි. ඊජිප්තුවේ, ටියුනීසියාවේ ලිබියාවේ සහ සෙසු අරාබි රටවල හටගත් විරෝධතා රැුල්ල යේමනයට ද පැතිර ගොස් ඇති අතර වසර 33 ක් තිස්සේ බලයේ රැුඳී සිටින ජනාධිපති සාලේට වහාම බලයෙන් ඉවත් වන්නැයි යේමන ජනතාව විරෝධතා පවත්වයි. ජනාධිපති සාලේ හමුදා බලය යොදවා එම විරෝධතා මර්දනය කරයි. මේවනතෙක්ම ජනාධිපති සාලේට සහාය දැක්වූ ඇමෙරිකාව  අල් අව්ලාකී ඝාතනය කිරීමත් සමඟ ජනාධිපති සාලේට පවසා ඇත්තේ ජනතා කැමැත්තට හිස නමා ජනපති ධුරයෙන් ඉවත් වන ලෙසය. මේ ගැන යේමන රජයේ දැඩි විරෝධය එල්ල වී තිබේ.

සානා නුවරදීය (රොයිටර්)
අල් අව්ලාකි



අදහස් (0)

අල් කයිඩා සාමාජික අවුලාකී ඇමෙරිකන් ප‍්‍රහාරයෙන් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 694 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 872 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 371 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site