අල්ලා ගෙන සිටි යේමන හමුදා සෙබළුන් 73 දෙනකු නිදහස් කිරීමට යේමනයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සංවිධානය ඊයේ (30) පියවර ගත්තේය. යේමන රජය ඔවුන්ට එරෙහිව සටන් වදින්නේ ඇමෙරිකා හමුදාවේ සහ සී.අයි.ඒ. බුද්ධි අංශවල සහාය ඇතිවය. මුදා හරින ලද එම හමුදා සෙබළුන් සටන්කාමීන් විසින් අල්ලා ගනු ලැබ ඇත්තේ දකුණුදිග යේමනයේ අබ්යාන් පළාතේ පැවැති සටන්වලදී යැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. යේමන රජය පවසා සිටියේ හමුදා සෙබළුන් 185 දෙනකු අල් කයිඩා සටන්කාමීන්ගේ ග‍්‍රහණයේ සිටි බවය. සෙසු පිරිස සටන්කාමීන් අතින් ඝාතනයට ලක් වන්නට ඇතැයි අනුමාන කෙරේ. ඔසාමා බින් ලාඩන් මරා දැමීමෙන් පසු අල් කයිඩාව දුර්වල තත්ත්වයකට ඇද වැටී ඇති නමුත් යේමනයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සටන්කාමීන් දිනෙන් දින ශක්තිමත් වන බව ඇමෙරිකා එෆ්.බී.අයි. ආයතනයේ ප‍්‍රධානී රොබට් මුලර් පවසයි.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd