අල් කයිඩා ඉස්ලාමීය සටන්කාමීන්ට කිසිම අවස්ථාවක තම රටේ රැකවරණ ලබා නොදෙන බව පාකිස්තාන රජය අවාධාරණය කරයි. පාකිස්තාන රජය මෙසේ කියා සිටියේ ඇමෙරිකා ආරක්ෂක ලේකම් ලියොන් පැනේටා කළ ප‍්‍රකාශයකට පිළිතුරු දෙමින්ය. පැනේටා කියා සිටියේ දැන හෝ නොදැන පාකිස්තාන රජය ඉස්ලාමීය සටන්කාමීන්ට ආරක්ෂාව සපයන බවය. පාකිස්තාන රජය ඉස්ලාමීය සටන්කාමීන් මර්දන කිරීමට නිසි කි‍්‍රයා මාර්ග අනුගමනය නොකරන බවටද ඇමෙරිකා ආරක්ෂක ලේකම්වරයා චෝදනා කර ඇත. අල් කයිඩා සංවිධානයේ දෙවැනියා ලෙස සැලකෙන අල් ලිබී පාකිස්තානයේ සැඟවී සිටිද්දී ඇමෙරිකා හමුදා අතින් පසුගියදා ඝාතනය විය. එපමණක් නොව අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සැඟවී ජීවත්වූයේද පාකිස්තානයේ ඇබොට්ටාබාද් නගරයේය. පාකිස්තාන රජය දිගින් දිගටම අල් කයිඩා සහ තලේබාන් සටන්කාමීන්ට ආරක්ෂාව ලබා දෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් දැඩි කි‍්‍රයා මාර්ග ගැනීමට ඇමෙරිකාවට සිදුවන බව ද ආරක්ෂක ලේකම්වරයා පවසා තිබේ. පාකිස්තාන රජය පවසන්නේ ඇමෙරිකා ආරක්ෂක ලේකම්වරයාගේ එම ප‍්‍රකාශයට තමන් දැඩි ලෙස විරෝධය පළ කරන බවය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අල් කයිඩා සටන්කාමීන්ට රැකවරණ දෙන්නේ නැහැ