IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අල් කයිඩා ප‍්‍රබල නායකයෙක් පාකිස්තානයේදී කොටු වෙයි

අල් කයිඩා සංවිධානයේ ප‍්‍රමුඛ පෙළ නායකයකු අල්ලා ගැනීමට පාකිස්තාන ආරක්ෂක අංශ ඊයේ (20) සමත් විය. ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් වූයේ නාමෙන් මිසිචේ   නමැති අල් කයිඩා නායකයාය. ඔහු ඇල්ජීරියානු සම්භවයක් සහිත ප‍්‍රංශ ජාතිකයෙකි. යුරෝපයේ කි‍්‍රයාත්මක ඉස්ලාමීය සටන්කාමී කල්ලිවලට සම්බන්ධ අයකු වන මිසිචේ, 2009 වසරේදී තවත් ජර්මන් ජාතික ඉස්ලාමීය සටන්කාමීන් 11 දෙනකු ද සමඟ ඇෆ්ගනිස්තානයට පැමිණ ඇත්තේ ඇමෙරිකන් හමුදා සමඟ සටන් කිරීමට අල් කයිඩාවට සහාය දීමටය. 2001 වසරේදී ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට එල්ල කළ ප‍්‍රහාරයට ද නාමෙන් මිසීචේ සම්බන්ධ යැයි සැක කෙරේ. මිසිචේ අල්ලා ගැනීමට හැකි වී ඇත්තේ පාකිස්තාන හමුදාව සහ බුද්ධි අංශය එක් වී පාකිස්තාන/ඉරාන දේශසීමාව අසල දී සිදු කළ රහස් මෙහෙයුමකදීය. මිසිචේ අල්ලා ගැනීමට තමන්ට පහසු වූයේ, ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ අල්ලා ගත් තවත් අල් කයිඩා නායකයකු වන යූනිස් අල් මුරුටානීගෙන් ලැබුණු තොරතුරු අනුව යැයි පාකිස්තාන බුද්ධි අංශ පවසයි. මිසිචේ අල්ලා ගැනීමට හැකිවීම අල් කයිඩාවට අත් වූ තවත් පරාජයක් යැයි ඇමෙරිකාව පවසයි. ඇමෙරිකා ආරක්ෂක ලේකම් ලියොන් පැනේටා මීට සති කීපයකට පෙර පාකිස්තාන රජයට දොස් පවරමින් චෝදනා කළේ පාකිස්තාන රජය ඉස්ලාමීය සටන්කාමීන්ට රැකවල් දෙන බවටය. ඉස්ලාමීය සටන්කාමීන් මර්දනය කිරීමට පාකිස්තාන රජය ප‍්‍රමාණවත් කි‍්‍රයාමාර්ග නොගන්නා බවට ද එම අවස්ථාවේදී ඇමෙරිකා ආරක්ෂක ලේකම්වරයා චෝදනා කළේය. එම චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කළ පාකිස්තාන රජය කීවේ ඉස්ලාමීය සටන්කාමීන් තමන්ට ද විශාල තර්ජනයක් වී ඇති බවය.



අදහස් (0)

අල් කයිඩා ප‍්‍රබල නායකයෙක් පාකිස්තානයේදී කොටු වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 66 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 25 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site