ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ සැඟවී සිටින අල් කයිඩා සංවිධානයේ නායකයන් ඉලක්ක කර ගනිමින් දිගටම ඩ්‍රෝන ප‍්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකා රජය තීරණය කර ඇතැයි එරට ආරක්ෂක ලේකම් ලියෝන් පැනේටා පවසයි. ආරක්ෂක ලේකම්වරයා මෙසේ කීවේ ඉන්දියාවේ සංචාරය අවසන් කර ඇෆ්ගනිස්තානය බලා යෑමට නියමිතව සිටිද්දීය. ඇමෙරිකා හමුදා, ඩ්‍රෝන යානා යොදා ගෙන ඉකුත් ඉරිදා (3) එල්ල කළ ප‍්‍රහාරයකින් අල් කයිඩා සංවිධානයේ දෙවැනියා ලෙස සැලැකෙන අබූ යාහා අල් ලිබී ඝාතනය විය. පාකිස්තානයේ පමණක් නොව, යේමනයේ සහ උතුරු අපි‍්‍රකා අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා ජාලයේ මෙහෙයුම් සැලැසුම් කළේ අබූ යාහා අල් ලිබීය. ඇෆ්ගනිස්තානයේ සහ යේමනයේ ඇමෙරිකා හමුදා ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාර සැලැසුම් කළ තැනැත්තා ලෙස ද සී.අයි.ඒ. බුද්ධි අංශය අල් ලිබී හඳුනා ගෙන ඇත. ප‍්‍රධාන පෙළේ අල් කයිඩා නායකයකු ඝාතනය කිරීමට ඇමෙරිකා හමුදා සමත් වීම, ‘ත‍්‍රස්තවාදයට එරෙහි සටනනේදී’ ලැබූ තවත් විශිෂ්ඨ ජයග‍්‍රහණයක් යැයි ඇමෙරිකා රජය පවසයි.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ට හොදයි අපිට තමයි නරක.. අපේ රටේ ගොන් පාලකයෝ මේවා ගැන ප්‍රසිද්ධියක් දෙන්නේ නෑනේ!!!!