IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අල් කයිඩා දෙවැනි නායකයා යේමන හමුදා ප‍්‍රහාරයෙන් මියයයි

මැදපෙරදිග කලාපයේ ත‍්‍රස්තවාදී මෙහෙයුම් බාරව කි‍්‍රයා කළ අල්කයිඩා ත‍්‍රස්ත සංවිධානයේ දෙවැනි නායකයා ලෙස සැලකෙන සයීඞ් අල් ෂේරි පෙරේදා(10) යේමන හමුදා ප‍්‍රහාරයකින් මියගිය බව යේමන බුද්ධි අංශ පවසයි. සයීඞ් අල් ෂේරි මියගොස් ඇත්තේ යේමන හමුදා හද්‍රමාට් ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක කළ මෙහෙයුමකදී එල්ල කළ ප‍්‍රහාරයකදී බව යේමන බුද්ධි අංශ වැඩිදුරටත් කියා සිටී. එම ප‍්‍රහාරයෙන් ඔහු සමඟ සිටි සටන්කාමීන් හය දෙනෙක් ද ජීවිතක්ෂයට පත්ව ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වීඩියෝ පටයක් නිකුත් කළ වත්මන් අල් කයිඩා සංවිධානයේ නායක අයමාන් අල් - සවහාරි තම සංවිධානයේ දෙවැනි නායකයා මියගොස් ඇති බව තහවුරු කළේය. ඉකුත් වසරේදී අල් ෂේරි ඝාතනය කිරීම පිණිස ඇමෙරිකා හමුදා දකුණු යේමනයේ අබ්යන් පළාතේ මෙහෙයුමක් දියත් කළේය. නමුත් ඉන් බේරි පළායාමට අල් ෂේරි සමත් විය. මිය යන විට ලොව ප‍්‍රබල ගණයේ ත‍්‍රස්තවාදියකු ලෙස හැඳින් වූ අල් ෂේරි සවුදි අරාබි ජාතිකයෙකි. එක් අවස්ථාවකදී ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයේ සිදු කළ මෙහෙයුමකදී අල් ෂේරි අත්අඩංගුවට පත් විය. අනතුරුව ඇමෙරිකාවේ සුප‍්‍රකට ග්වන්තනාමෝබේ සිරකඳවුරේ 2007 වසර දක්වා මොහු රඳවා තැබිණි. ඉන් පසුව නිදහස් කෙරුණු අල් ෂේරි මැදපෙරදිග කලාපයේ පිහිටි යේමනය, ඉරාක වැනි රටවල ත‍්‍රස්ත මෙහෙයුම් බාර ප‍්‍රධානියා බවට පත් විය. අල් ෂේරි ත‍්‍රස්ත මෙහෙයුම් කි‍්‍රයාත්මක කළේ යේමනය කේන්ද්‍ර කර ගනිමිනි. අල් කයිඩා සංවිධානයේ දෙවැනියා මේ අයුරින් ජීවිතක්ෂයට පත්වීම  එම සංවිධානයට එල්ල වූ බලවත් පහරක් බවත් ඒ අනුව ඔවුන්ගේ කි‍්‍රයාවල වෙනසක් සිදුවනු ඇති බවත් ඇමෙරිකා ආරක්ෂක අංශ පවසයි. ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ප‍්‍රහාරය එල්ල වී වසර 11 සමරන මේ මොහොතේදී අල් කයිඩා නායකයාගේ මියයෑම දෛවෝපගත සිදුවීමක් බව විදෙස් විශ්ලේෂකයෝ  පෙන්වා දෙති.



අදහස් (0)

අල් කයිඩා දෙවැනි නායකයා යේමන හමුදා ප‍්‍රහාරයෙන් මියයයි

දම්මි Thursday, 13 September 2012 07:31 AM

දැන්වත් මේ අයට 'ත්‍රස්තවාදියෝ', 'මිනීමරුවෝ' කියලා ආමන්ත්‍රණය කරන්න බැරිද? (නි)

:       0       0

චන්ද්‍රපාල Wednesday, 12 September 2012 12:14 PM

ලෝක ත්‍රස්තවාදය මොන ක්‍රමයකට හරි අවසන් විය යුතුයි. (නි)

:       0       0

මධූ Wednesday, 12 September 2012 01:11 PM

හොඳ පුවතක්..(ස)

:       0       0

නසාර් Wednesday, 12 September 2012 06:20 PM

සියල්ලන්ම නායකයින්. ඒකයි නියම සටන්කාමීන් කියන්නේ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 12 September 2012 06:25 PM

තවත් ඉන්නවද මරන්න, අල්කයිඩා නායකයන්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site