IMG-LOGO

අයි.එස් ත්‍රස්ත සංවිධානයට නව නායකයෙක්

අබු අල් හසාන් අල් හෂීමි අල් කුරේෂී තම නව නායකයා (කලීෆා) ලෙස කටයුතු කරන බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.

අයි.එස් සංවිධානය මේ බව නිවේදනය කළේ හඬපටයකිනි. හඬපටය නිකුත් කළේ එම සංවිධානයේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන අබු උමාර් අල් මුහරිජ් ය.

අයි.එස්. සංවිධානය නව නායකයකු තෝරාගෙන ඇත්තේ, එහි නායකයා ලෙස කටයුතු කළ අබු ඊබ්‍රහීම් අල් කුරේෂී ඇමෙරිකන් හමුදා අතින් ඝාතනයට ලක් වීමත් සමඟය.

ඇමෙරිකන් හමුදා අබු ඊබ්‍රහීම් අල් කුරේෂී ඝාතනය කළේ පසුගිය පෙබරවාරි 3 වැනිදාය. එම අවස්ථාවේදී අබු ඊබ්‍රහීම් අල් කුරේෂී නිරිතදිග සිරියාවේ සැඟවී ජීවත් වූයේය.

අබු ඊබ්‍රහීම් අල් කුරේෂී සමඟ අයි.එස් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක අබු හම්සා අල් කුරේෂි ද සිටි අතර, ඇමෙරිකන් හමුදා ප්‍රහාරයෙන් ඔහු ද මියගියේය. අබු උමාර් අල් මුහරිජ් නව මාධ්‍ය ප්‍රකාශක තනතුරට පත් වී ඇත්තේ ඒ අනුවය.

(රොයිටර්)



අදහස් (0)

අයි.එස් ත්‍රස්ත සංවිධානයට නව නායකයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 179 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 96 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1695 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site