IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


අඳ බල්ලා හිම කරත්තය අදියි

සිතල දුරුතු මහේ තවත් එක් උදෑසනකි.නීල් බියුලිව් වහ වහා සිය හිම පාරුව සූදානම් කළේ එදිනට ප්‍රදේශය නැරැඹිමට එන සංචාරකයන් රැගෙන ඒම සදහාය.හිම පාරුව පිළයෙල කර අවසන හෙතෙම සිය බලු  සුරතලූන් පිරිස කැදවාගෙන ඒමට ගියේ පාරුවේ බැදීමටය.

බල්ලා විසින් අදිනු ලබන හිම පාරු බ්‍රිතාන්‍යයේ  උතුරු හැම්ෂයර් ප්‍රාන්තයටම අනන්‍ය සංස්කෘතියේම කොටසකි.මේ හිම පාරු පැදීම සංචාරකයින්ගේද ආකර්ෂණය දිනාගෙන තිඛෙන අතර නීල් බියුලිව් යනු එම සංචාරකයන්ගෙන් දිවි සරිකරගන්නා බොහෝ හැම්ෂයර් ප්‍රාන්ත වැසයෝ අතුරින් තවත් අයෙකි.

නීල්ගේ සුරතලූන් අතරේ සිටිනා ‘‘ගොන්සෝ‘‘අන් අයගෙන් කැපී පෙනෙන්නේ පැහැය,ප්‍රමාණය වැනි හේතු නිසා නොව දෙනෙතම අන්ධ බැවිනි. ගොන්සෝගේ දෙනෙත්හි කිසියම් වරදක් ඇති බව නීල්ට පෙනී ගොස් ඇත්තේ දිනක් ගොන්සෝ සිය කෑම බදුන සොයාගැනීමට නොහැකිව දැගලු විටකදීය.ප්‍රතිකාර කළද පලක් නොවුණු තැන නීල් ගොන්සෝ හිම පාරුව ඇදීමේ රාජකාරියෙන් විශ්‍රාම ගැන්වීමට තැත් කළද එයට එකග වූයේ ගොන්සෝ නොවේ.ගොන්සෝ දෙනෙත් අඳ වූවද තමාට තවමත් වැඩ පෙන්විය හැකැයි පෙන්වූයේ නීල් මවිතයට පත්කරවමිනි.ගොන්සෝගේ සහයට සිටින්නේ එක කුස උපන් සොයුරු ‘‘පොන්චෝ‘‘ය.හිම පාරුව ඇදගෙන යන විටදී මග සොයාගැනීමට අපහසු වූ විටෙක ගොන්සෝ සිය සොයුරාගේ සිරුරට හේත්තු වෙයි.එමගින් පොන්චෝ ඇතුළු සෙසු සගයන් දුවන දිසාව හදුනාගැනීමට ගොන්සෝ සමත්ය. පොන්චෝද සිය අන්ධ සොහොයුරාට උදවු කිරීමට නිරතුරුවම සැදී පැහැදී සිටී.

ගොන්සෝගේ දැඩි අධිෂ්ඨානයත් පොන්චෝ සිය සොහොයුරා රැක බලා ගන්නා ආකාරයත් දකින තමා බාධක හමුවේ නොසැලී සිටීමට ඉගෙනගන්නා බව නීල් කියයි.



අදහස් (0)

අඳ බල්ලා හිම කරත්තය අදියි

තිසර Monday, 28 January 2013 11:02 AM

පව් වැඩ ඒවනම් (දී)

:       0       0

ජයී තිසර Tuesday, 29 January 2013 03:02 PM

ඇස් නොපෙනුනත් සවිශක්තිය ඇත එමට..... බාධක මැදින් සතුටින් යයි ඉදිරියට..... පිං පඩි නොවේ කැමතියි සුපුරුදු වැඩට..... ගොන්සෝ යමක් පෙන්වාදෙයි මුළු ලොවට (ස)

:       0       0

මේරි Monday, 28 January 2013 12:59 PM

මිනිසාගේ හොදම හිතවතා වෙන්නේ කෙළෙහිගුණ දත් සතෙක් නේද? අපේ රටේ නම් පාරට ගෙනිහින් දායි. (නි)

:       0       0

ගාමිණී Monday, 28 January 2013 06:27 PM

දැස් අන්ද උනත් සොහොයුරාත් රැලත් අතරේ ඉන්නේ අකමැති අපේ අය වගේ නෙමෙයි.. සිය වර්ගයට දක්වන ආදරය නිසයි..!(නු)

:       0       0

අජිත් Wednesday, 30 January 2013 07:50 AM

ලස්සන බල්ලෙක් (දී)

:       0       0

සරත් Tuesday, 29 January 2013 05:20 PM

තනියම යවන්න එපා..!(නු)

:       0       0

සෙනරත් Tuesday, 29 January 2013 05:20 PM

තනියමනම් යවන්න හොද නැහැ..!(නු)

:       0       0

නිශ්ශංක Tuesday, 29 January 2013 05:44 PM

ඊළග ආත්මයේදි දෙනෙත් හොදින් පෙනෙන්න කියා ප්‍රාේථනා කරනවා. අහිංසක පාට ලස්සන බල්ලෙක්. (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 29 January 2013 07:13 PM

අපිට බැරිද ඇහැක් බද්ධ කරන්න? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17658 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site