සිරියාව, චීනය, ඉරානය, බහරේනය සහ වියට්නාමය යන රටවල් අන්තර්ජාලයට පිවිසෙන්නන් පිළිබඳව ඔත්තු බැලීමේ නිරතව සිටින බව නවතම සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දෙයි.
අන්තර්ජාලයට පිවිසෙන්නන් පිළිබඳව ඔත්තු බැලීමේ කටයුතු සඳහා මෙම රටවල ආණ්ඩු වෙත තාක්ෂණික සහාය ලබා දෙන සමාගම් කිහිපයක්ම ඇති බවත් ඔවුන් ඩිජිටල් හමුදා භටයන් ලෙස කි‍්‍රයාත්මක වෙමින් සිටින බවත් එම වාර්තාව සඳහන් කරයි.
සිරියාවේ අන්තර්ජාලය භාවිතා කරන්නන් මිලියන පහක් පමණ සිටින අතර මෙම ඔත්තු බැලීමේ සේවා මඟින් රජයට එරෙහිව අන්තර්ජාලය ඔස්සේ විවිධ කි‍්‍රයාවල නිරත වන්නන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය තොරතුරු සපයා දෙන බවට ද එම වාර්තාව චෝදනා කරයි.
එහි ප‍්‍රතිඵලයක් ලෙස මාධ්‍යවේදීන් 22 දෙනකු සහ අන්තර්ජාලය භාවිත කරන්නන් 18 දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව ද සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.
පරිගණක ක්ෂේත‍්‍රයේ දැවැන්තයකු වී සිටින චීනයේද අන්තර්ජාලය වෙත පිවිසිය හැක්කේ රාජ්‍ය අනුමැතිය ලද ආයතන ඔස්සේ පමණක් බවත් එසේ අන්තර්ජාලයට පිවිසෙන සෑම පුද්ගලයකුගේම කි‍්‍රයාකාරකම් රජයේ විශේෂ ඒකකයක් මඟින් අධීක්ෂණය කෙරෙන බවත් එම වාර්තාව වැඩි දුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම නැතුව ඇමරිකාවත් එක්ක බේරෙන්න බැහැනේ. (නි)
හරිම ශෝක්, මාර විදියට විස්තර දෙන්නේ. කවුරුත් කියවන්න ඕන ලංකාදීප පත්තරේම තමයි. (ස)