IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අධිකරණ තීන්දුවකට එරෙහිව බංග්ලාදේශයේ වැඩ වර්ජනයක්

රජයට එරෙහි විරෝධතා පෙළපාළි පැවැත්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් බංග්ලාදේශ විපක්ෂ දේශපාලන කි‍්‍රයාකාරීන් 33 දෙනකුට ඇප ලබා දීම අධිකරණයක් විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීමත් සමඟ ඊට එරෙහිව ඊයේ (17) එරට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්විණි. අධිකරණයේ එම තීන්දුව දේශපාලනික හේතූ මත දෙන ලද්දක් යැයි බංග්ලාදේශ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘බංග්ලාදේශ ජනතා පක්ෂය’ චෝදනා කරයි. වැඩ වර්ජනය සංවිධානය කළේ ද එම පක්ෂයයි. වැඩ වර්ජනයට අමතරව නඩු තීන්දුව ප‍්‍රකාශ කිරීමත් සමඟ ඩකා අගනුවර විරෝධතා පෙළපාළි ද පැවැත්විණි. විපක්ෂ ආධාරකරුවෝ පිරිසක් අධිකරණ ශාලව අසලදී වාහන කිහිපයකටත් බස් රථයකටත් පහර දී ගිනි තැබූහ. මීට අමතරව තවත් විපක්ෂ කි‍්‍රයාකාරීහු පිරිසක් මහ ලේකම් කාර්යාල ගොඩනැගිල්ලට ද පහර දෙන්නට වූහ. කලහකාරීව හැසිරුණු එම පිරිස විසුරුවා හැරීමට පොලිසිය යෙදවුණු අතර දෙපිරිස අතර දරුණු ගැටුමක් ඇති වූ බව ද වාර්තා වේ. බංග්ලාදේශයේ විරෝධතා පැවැත්වීම සහ රජය පෙරළා දැමීමට කුමන්ත‍්‍රණය කිරීම ආදී චෝදනා මත පොලිස් අත්අඩංගුවේ පසුවන විපක්ෂ දේශපාලන කි‍්‍රයාකාරීන් අතරේ බංග්ලාදේශ ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයන් සහ පක්ෂ මහ ලේකම්වරයා ද සිටියි. තවත් පක්ෂ නායකයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානමින් සිටින නමුත් එම පිරිස පොලිසියෙන් බේරී කට්ටි පනිමින් සිටින බව ද වාර්තා වේ. පොලිස් නිලධාරීන් පැමිණ කලහකාරීන් පන්නා දමමින්...



අදහස් (0)

අධිකරණ තීන්දුවකට එරෙහිව බංග්ලාදේශයේ වැඩ වර්ජනයක්

සදමාලි Saturday, 19 May 2012 02:50 PM

අප වාසය කරන්නේ බංග්ලාදේශ් වල ,මේ විදිහේ වර්ජන සාමාන්‍ය දෙයක් වෙලා ,රටේ සියලුම වැඩ කටයුතු නවත්වන්නට විපක්ෂයට පුලුවන් එක නිවේදනයකින් ,සාමාන්‍ය ජනතාව පුදුම විදියට පීඩනයට පත් වෙනවා මේ ''හර්තාල් ''වලින්. පාසල් වසනව,විභාග කල් යනවා ,වාහන ධාවනය තහනම් නිසා ගොඩක් අපහසුතා ඇති වෙනවා ,නමුත් දැනට ඉන්න ආණ්ඩුව විපක්ෂට ආ දාටත් මේ දේ මේ ලෙසම සිදුවෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site