රජයට එරෙහි විරෝධතා පෙළපාළි පැවැත්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් බංග්ලාදේශ විපක්ෂ දේශපාලන කි‍්‍රයාකාරීන් 33 දෙනකුට ඇප ලබා දීම අධිකරණයක් විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීමත් සමඟ ඊට එරෙහිව ඊයේ (17) එරට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්විණි.
අධිකරණයේ එම තීන්දුව දේශපාලනික හේතූ මත දෙන ලද්දක් යැයි බංග්ලාදේශ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘බංග්ලාදේශ ජනතා පක්ෂය’ චෝදනා කරයි. වැඩ වර්ජනය සංවිධානය කළේ ද එම පක්ෂයයි.
වැඩ වර්ජනයට අමතරව නඩු තීන්දුව ප‍්‍රකාශ කිරීමත් සමඟ ඩකා අගනුවර විරෝධතා පෙළපාළි ද පැවැත්විණි. විපක්ෂ ආධාරකරුවෝ පිරිසක් අධිකරණ ශාලව අසලදී වාහන කිහිපයකටත් බස් රථයකටත් පහර දී ගිනි තැබූහ.
මීට අමතරව තවත් විපක්ෂ කි‍්‍රයාකාරීහු පිරිසක් මහ ලේකම් කාර්යාල ගොඩනැගිල්ලට ද පහර දෙන්නට වූහ. කලහකාරීව හැසිරුණු එම පිරිස විසුරුවා හැරීමට පොලිසිය යෙදවුණු අතර දෙපිරිස අතර දරුණු ගැටුමක් ඇති වූ බව ද වාර්තා වේ.
බංග්ලාදේශයේ විරෝධතා පැවැත්වීම සහ රජය පෙරළා දැමීමට කුමන්ත‍්‍රණය කිරීම ආදී චෝදනා මත පොලිස් අත්අඩංගුවේ පසුවන විපක්ෂ දේශපාලන කි‍්‍රයාකාරීන් අතරේ බංග්ලාදේශ ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයන් සහ පක්ෂ මහ ලේකම්වරයා ද සිටියි.
තවත් පක්ෂ නායකයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානමින් සිටින නමුත් එම පිරිස පොලිසියෙන් බේරී කට්ටි පනිමින් සිටින බව ද වාර්තා වේ.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප වාසය කරන්නේ බංග්ලාදේශ් වල ,මේ විදිහේ වර්ජන සාමාන්‍ය දෙයක් වෙලා ,රටේ සියලුම වැඩ කටයුතු නවත්වන්නට විපක්ෂයට පුලුවන් එක නිවේදනයකින් ,සාමාන්‍ය ජනතාව පුදුම විදියට පීඩනයට පත් වෙනවා මේ ''හර්තාල් ''වලින්. පාසල් වසනව,විභාග කල් යනවා ,වාහන ධාවනය තහනම් නිසා ගොඩක් අපහසුතා ඇති වෙනවා ,නමුත් දැනට ඉන්න ආණ්ඩුව විපක්ෂට ආ දාටත් මේ දේ මේ ලෙසම සිදුවෙනවා