ලොව දුර්ලභ සත්ව විශේෂයක් ලෙස සැලකෙන ඇමසන් නදියට පමණක් ආවේණික රෝස පැහැති ඇමසන් ඩොල්ෆින් මසුන් 120 දෙනකුග් සිරුරු බ්‍රසීලය හරහා ගලා බසින ඇමසන් නදියේ පාවෙමින් තිබියදී හමුවී ඇත.
වදවීමේ තර්ජනයට මුහුණ පා ඇති සත්ව විශේෂයක් ලෙස ද ඇමසන් ඩොල්ෆින් මසුන් සැලකෙයි. ඇමසන් වනාන්තරය මෙන්ම ඇමසන් නදිය ද ලතින් ඇමෙරිකාවේ බ්‍රසීලය ද ඇතුළු රටවල් කීපයක් ඔස්සේ පැතිරී පවතී.
බ්‍රසීල විද්‍යා සහ තාක්ෂණ අමත්‍යාංශය යටතේ පවතින ‘මමිරෝ’ ආයතනයේ විද්‍යාඥයන් පැහැදිලි කර ඇති ආකාරයට, ඩොල්ෆින් මසුන් මෙසේ මියගොස් ඇත්තේ බ්‍රසීලයට බලපා ඇති අධික උණුසුම් කාලගුණය හේතුවෙන් බවය. මේ වනවිට බ්‍රසීලය දැඩි නියගයකට ද මුහුණ දෙයි.
ලෝකයේ පෙනහළු ලෙස සැලකෙන්නේ මහා ඇමසන් වැසි වනාන්තරයයි. දැඩි වියලි කාලගුණය හේතුවෙන් ඇමසන් වනාන්තරයේ ළැව් ගිනි ඇති වීමේ අවදානමක් ද පවතී.
ඩොල්ෆින් සිරුරු හමුවී ඇත්තේ ඇමසන් නදියට සම්බන්ධ ‘ටැෆේ විල’ අවට ප්‍රදේශයෙනි. ඩොල්ෆින්ලාට තවත් මත්ස්‍ය විශේෂ රැසක් ද මියගොස් ඇති බව ‘මමිරෝ’ ආයතනයේ විද්‍යාඥයෝ පවසති. මත්ස්‍ය විශේෂයක් යැයි කීවත් ඩොල්ෆින් යනු ක්ෂීරපායී සත්වයෙකි.
(අල් ජසීරා)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අධික උණුසුමෙන් ඇමසන් ඩොල්ෆින්ලා 120 ක් මැරිලා