IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අත්වැරැදීමකින් පෙම්වතියට වෙඩිතැබූ ‘බ්ලේඞ් රනර්’ පොලිස් අත්අඩංගුවේ

දකුණු අපි‍්‍රකාව නියෝජනය කරමින් ඔලිම්පික් ධාවන තරගවලට සහභාගී වූ ‘බ්ලේඞ් රනර්’ නමින් ප‍්‍රසිද්ධ ඔස්කා පිස්ටෝරියස් සිය පෙම්වතියට වෙඩි තැබීමේ චෝදනාව මත ඊයේ(14) පොලිස් අත්අඩංගුවට පත් විය. 
ප‍්‍රිටෝරියාහි පිහිටි පිස්ටෝරියස්ගේ නිවසේදී මෙම වෙඩිතැබීම සිදුව තිබේ. සිද්ධිය වූ වහාම එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන්ට දැකගත හැකි වූයේ වෙඩිවැදුණු තිස් හැවිරිදි කාන්තාවගේ දිවිගලවා ගැනීමට උත්සාහ ගන්නා වෛද්‍ය බලධාරීන්ය. 
වෙඩිවැදී බරපතළ තුවාල ලැබ ජීවිතක්ෂයට පත්වූ ඇය අසල තිබී මිලිමීටර් 9 පිස්තෝලයක් සොයා ගත් පොලිස් නිලධාරීන් විසිහය හැවිරිදි පිස්ටෝරියස් ද අත්අඩංගුවට ගත්හ. 
සිද්ධිය සම්බන්ධයෙන් පිස්ටොරියස්ගේ පියාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ නිවසට අනවසරයෙන් ඇතුළුවීමට උත්සාහ ගත් තැනැත්තෙක් ලෙස සිතා ඔහු සිය පෙම්වතියට වෙඩිතබා ඇති බවයි. ඔලිම්පික් මලල කී‍්‍රඩා තරගවලට එක්වූ පළමු ආබාධිත කී‍්‍රඩකයා වන්නේ ද ඔස්කා පිස්ටෝරියස්ය. ඒ 2012 ඔලිම්පික් තරගාවලිය දකුණු අපි‍්‍රකානු මලල කී‍්‍රඩා කණ්ඩායම නියෝජනය කිරීමත් සමඟය. 



අදහස් (0)

අත්වැරැදීමකින් පෙම්වතියට වෙඩිතැබූ ‘බ්ලේඞ් රනර්’ පොලිස් අත්අඩංගුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 41 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 129 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site