පාලනයෙන් ගිළිහුණු දුම්රියක් ස්වීඩනයේ නිවාස සංකීර්ණයකට කඩා වැදුණේය.
අධික වේගය නිසා පාලනයෙන් ගිළිහී ඇති දුම්රිය රේල් පාරෙන් ඉවතට පැන අසළ තිබූ නිවාස සංකීර්ණයකට කඩා වැදී තිබේ. එවෙලේ දුම්රිය පැදවූයේ දුම්රිය අතුපතු ගාන සේවිකාවකි (20).
අනතුර සිදුවන අවස්ථාවේ දුම්රියේ මගීහු කිසිවෙක් නොවූහ. දුම්රිය එක්වරම මාර්ගයෙන් ඉවතට පැන නිවාස සංකීර්ණයට කඩා වැදීමට පෙර අඩි 100 පමණ ‘පියඹා‘ගිය බව සිද්දිය ඇසින් දුටුවෝ කියති.
සුන්බුන් අතර සිරැවී සිටි බලපත්‍රද අහිමි ‘රියැදුරා‘ සහන සේවා කණ්ඩායම් මහත් පරිෂ්‍රමයක් දරා පිටතට ගෙන ඇත්තේ තවත් පැය දෙකකට පමණ පසුවය .රෝහල් ගත කර ඇති ඇය බරපතළ තත්ත්වයේ පසුවන බව බලධරයෝ කියති.. නිවාස සංකීර්ණයේ සිටි කිසිවකුටත් මේ අනතුරින් හානි සිදුවී නොමැත.
දුම්රියේ පාලනය සේවිකාවකගේ අතට ගියේ කෙසේදැයි සෙවීමට පරීක්ෂණ අරඹා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙවල අතුලට් කොච්චි යනවා දැක්කමයි (දී)
කොහොමද ගුවන්යානයක් එහෙම වුණානම් (ස)
අමිලට පිස්සුද? (නි)
ඉස්සරහට අපේ රටෙත් මේ වගේ දේවල් බලපොරුතුවෙන්න (ස)
සේවිකාවට සුක්කානම දීලා රියදුරු කොහේ ගිහින්ද ? (ස)
නුසුදුස්සන්ට තැන ලැබුණාම වෙන විනාසේ තමයි මේ. හරියට අපේ රටේ වගේ (ස)
ලංකාවේ අලුත් නීතියට අනුව නම් රියදුරු බලපත්‍රය අවුරුද්දකට තහනම් කරනවා නේද ? (ස)
නුසුදුස්සන්ට තැන ලැබුණහම වෙන විනාශ තමයි ඔය. (නි)
පිරිසිදු කරන අයත් දැන් කොච්චි එලවනවාදා (දී)
අයියෝ, ස්වීඩනයේ කට්ටිය රැවටිලා තියෙන් තරම! ඕක Ra-One චිත්‍රපටියේ දෙවන කොටස රූගත කරන්න කරපු වැඩක්! (ස)
කෝච්චිය හැප්පුනත් ගොඩනැගිල්ලේ ලයිට් නිමිලා නෑ. අපේ රටේ උනානම්..... (ස)
රට කොහෙද?(නු)