අගහරු මත මිනිස් ජනාවාස ඇති කිරීමේදී පැනනගින ලොකුම අභියෝගය වනු ඇත්තේ ආහාර බෝග ඇතුලූ ශාඛ වර්ග වගා කිරීම බව ඇමරිකා ගුවන් හා ගගන පර්යේෂණ ආයතනය (නාසා) කියයි.
වසර 2030 වන විටදී අගහරු මත මිනිස් ජනාවාස ඇතිකිරීමට නාසා ආයතනය සැළැසුම් කර තිබේ.ඒ සදහා විවිධාකාරයේ කටයුතු මේ දිනවල සිදුකෙරෙන අතර දැන් නාසා විද්‍යාඥයන්ගේ වැඩි අවධානය යොමුව ඇත්තේ අගහරු මතදී නොනැසී සිටීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමටයි.ජීවය පවත්වා ගැනීමට ආහාර අත්‍යාවශ්‍ය සාධකයක් වන අතර අගහරු මතද ආහාර බෝග වගා කිරීමේ ක්‍රමයක් සොයා ගැනීමට නාසා විද්‍යාඥයන් සමත් වන්නේ නම් අගහරු මත මිනිස් ජනාවාස ඇති කිරීම සිහිනයක් නොවනු ඇත.
විද්‍යාඥයන් පවසන පරිදි අගහරු මත ශාඛ වගා කිරීමේදී මුහුණදීමට සිදුවන ප්‍රධානතම ගැටලූව වනු ඇත්තේ පෘථීවියට සාපේක්ෂව අගහරු මතට වැටෙනා සූර්යාලෝකය අඩු වීමයි.ශාඛ වල ආහාර නිපදවෙන ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියට සුූර්යාලෝකය අත්‍යාවශ්‍ය සාධකයකි.මෙනිසා පෘථීවියේ සාර්ථකව වගා කළ හැකි ආහාර බෝග අගහරු මත වගා කළ හැකි වේද යන්න ගැටලූවකි. මිීට අමතරව ජල හිගය,පෘථීවියට වඩා අගහරු මත ගුරුත්වාකර්ෂණ ප්‍රබලතාවය අඩු වීම වැනි කරුණු කාරණාද ආහාර බෝග වගාව සිදු කිරීමේදී සැළැකිල්ලට ගත යුතු වන බව විද්‍යාඥයන් කියයි.
දැනට සැළැසුම් කර ඇත්තේ හරිතාගාර වල බෝග වගාවන් සිදු කිරීමටය.අගහරු මත පවතින විකිරණශීලී පරිසරය නිසා විශේෂයෙන් සකස් කළ ඇදුමක් නොමැතිව අගහරු මත සැරිසැරීම මරණයට අත වැනීමක් වේ.මෙනිසා වගාවන්හි කිරීමට සිදුවනු ඇත්තේද මේ ඇදුම් ඇදගෙනය.එය අගහරු පදිංචිකරුවන්ට මහත්ම අභියෝගයක් වනු ඇත.
ආහාර බෝග වගාවන්ගෙන් පටන්ගෙන අගහරු මත මිනිසාට නොනැසී සිටීමේ පරිසරයක් ඇති කිරීම නාසා විද්‍යාඥයන්ගේ මේ පරීක්ෂණ කටයතු වල අරමුණයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඔච්චර දුක් විඳගෙන යන්න හදන්නේ. කරන වැරදි වලින් බේරෙන්නද ? (ස)
අපේ රටේ මිනිස්සුන්ව නම් යවන්න ඕනෑ අපායට (නි)
නිසාර්, මෝඩ කතා කියන්න එපා. මුස්ලිම් රටවල ඉන්න සුළු ජාතීන්ට සලකන විදිය බලන්න. ලංකාවේ ඒ අතින් ගොඩක් හොදයි. ඇයි ලංකාවේ හොද දේවල් අගය කරන්නේ නැත්තේ? අනෙක ඔයාලගේ ආගමේ කියලා තියෙනවද අගහරු ගැන? ඒකේ මිනුස්සුන්ට වාසය කරන්න පුළුවන් කියලා. නැත්නම් ඒකත් තැටියක් වගේ කියලද කියලා තියෙන්නේ. අගහරු හලාල් ද? ඒ නිසා හැමදේටම ජාතිවාදය ඇද ගන්න එපා. උඩ බලාගෙන කෙල ගහන්න එපා. අපිට ඕවා නෙමෙයි අපි අපේ ලංකාව ගොඩ නගමු. ජාතිවාදෙයෙන් ආගම්වාදයෙන් තොර නිදහස් ශ්‍රී ලංකාවක් ඇතිකරමු. (නි)
වෙන වැඩ නැහැනේ
දැනටම අපේ ඇමතිවරු කීප දෙනෙක් අඟහරු ලෝකේ ගෙවල් අරන්ලු. අපේ නම් අඟහරු නීච වෙලා මේ කාලේ. හැමදේම ගණන් ගිහින්. ඉන්න ගෙදරත් විකුණන්න වෙලා , කන්න බොන්න (නි)
එකත් හොඳයි. සුළු ජාතීන්ට එහෙ හරි ගිහිල්ලා ඉන්න පුළුවන් තැනක් තියෙයිනේ. (නි)
මේ ලෝකය තුල නිවාස ,ආහාර ,ඇදුම් පැළදුම් නැතුව කීදෙනෙක් ඉන්නවද? ඒ වියදම් කරන මුදල් නැතිබැරි තැන් වලට වියදම් කලානම් වටිනවා නේද? (නි)
මාත් නම දෙන්න ඕනෑ අගහරු යන ලිස්ට් එකට. ඇමති කෙනෙක්ගෙන් ලියුමක්වත් ඕනෑ වෙයිද මන්දා (නි)
ඕව බොරු වැඩ (අ)
විද්‍යාව තවතවත් දියුනු වේවා! ඔය දිසානායකලා කියන ඒවා වෙලා තියෙන්නේ අපේ වගේ හැමදාම හොරුන්ට රැවටිලා බලේට පත් කරපු රටවල් වල.විදුලි බිල වැඩිකලාට පක්ෂව පෙළපාලි යන අය ඉන්න රටවල. ඒකට බලවත් රටවල් මක් කරන්නද? ඒ සල්ලි දුප්පත් රටවලට දුන්නත් ඒකත් හොරා කනවා. (නි)
සුළු ජාතියක් නැහැ, ලංකාවේ ඉන්නේ රටට ආදරය ඇති ජාතියයි රටට ආදරේ නැති ජාතියයි.ඒවා තේරුම් ගන්න බැරි නිසා තමයි අන්තවාදීන් කියන්නේ.නැත්තම් ලංකාවයි පාකිස්තානෙයි ක්‍රිකට් තරඟවලදී මාලිගාවත්තේ තම්බිලා (මල්ලිලා) පකිස්තානෙට හුරේ දමයිද?ඒ රටට ආදරේටද? (නි)
අපරාදෙ සල්ලි. මේ තියෙන ලෝකෙ මදි වෙලා තව වෙන ලෝකයකටත් යනවාද? මේ කරන විකාර වලට වන්දි ගෙවන්නෙ සමස්ථ ලෝකවාසී ජනතාව. (නි)