අඟහරු ග‍්‍රහයා මත එහෙමෙහෙ යමින් ගවේෂණ සිදු කරන ‘කියුරියෝසිටි’ රොබෝ රෝවර් යානය පෘථිවියට එවූ නවතම ඡායාරූප අතරින් මලක හැඩය ගත් කිසියම් වස්තුවක් තිබීම හේතුවෙන් නාසා විද්‍යාඥයෝ මවිතය පළ කරති.
එම ‘වස්තුව’ අබිරහසක් බවත් එය කුමක්දැයි හරිහැටි හඳුනා ගැනීමට තමන්ට හැකියාව ලැබී නැති බවත් නාසා විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති.
එම ‘මල’ ඇත්තේ අඟහරුගේ ‘යෙලෝක්නයිෆ් බේ’ නමින් විද්‍යාඥයන් විසින් නම් කරනු ලැබූ ප‍්‍රදේශයේය. කෙසේ නමුත් මලක හැඩැති එම වස්තුව කියුරියෝසිටි යානය අඟහරු මත පතිත කරද්දී ඒ සඳහා උපකාර කළ යානාවෙන් ගැලැවී විසිවුණු ප්ලාස්ටික් කැබැල්ලක් විය හැකි යැයි විද්‍යාඥයෝ අනුමාන කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මලක්ද?එහෙනම් තණමල්විල හිටපු කෙනෙක් එහේ ඇති. (නි)
ඉස්සර හිටපු පිටසක්වල ජීවීන් මලුත් හිටවල එහෙනම් (ස)
ගලක මලෙකි මහ පුදුමෙක් නෑ අහසෙන් වැටුන කෑල්ලකි (ස)
මල් පිපෙනවා කියන්නේ ජීවින් ඉන්නවා කියන එක (දී)
කඩලා ගමු එහෙනම් (නි)
මට පෙනෙන්නේ ලොකු නහයක් සහ කටක් ඇති වෙස් මුහුණක් වගෙයි. (නි)
යානාවක පතුරු කෑල්ලක් වෙන්න ඇති. (නි)
එහෙත් එහෙනම් මල් තියෙනවා නේද ? (ස)
එහේ හිටියා නම් ප්‍රදර්ශනය කරලා ගාණක් හොයාගන්න තිබුණා. (නි)
ගිනි මලක් පිපුනාය දොරකඩ (ස)
ඒ ගල් මලක් (ස)
තණමල්විල මලක් එහෙම නෙවෙයිනේ (ස)
මලක් යෑ ඒක ගලක් නේ (ස)
ඒලියන්ස්ලා පාවිච්චි කරපු ෂොපින් බෑග් කෑල්ලක් වෙන්න බැරිද? (නි)
ඒ කියන්නේ ජීවින් ඉන්නවා (දී)
ලෝකයේ දැන් හැමතැනම තියෙන්නේ ප්ලාස්ටික් මල් නිසා ඕකත් එහෙම එකක් වෙන්න ඇති. (නි)
මොකද්ද මේ මල ?? (ස)
මලක් නෙමෙයි...ගලක්. තිරිවාන ගලක්........ (නි)
කවුරු හරි ගල් කරපු මලක් වගේ (ස)
මල් කොහෙන්ද අඟහරුගේ (දී)
විශ්මිත වැඩක් (දී)
රෝබෝලා මලක් වට්ටලා යන්න ඇති. (නි)
එහෙ මල් පිපෙනවා කියන්නේ ජීවින් ඉන්නවා (දී)
මම නම් හිතන්නේ ඒක ගලකුත් නෙමෙයි මලකුත් නෙමෙයි .කාල විසි කරපු බත් පාර්සලයක් වගේ ... (ස)
මල් කඩන්න යමුද අඟහරු ලෝකෙට (ස)
සමහරවිට මලක් වෙන්නත් පුලුවන්. (නි)
මල් දැකපු නැති අයට හොඳයි (ස)
යානයේ ප්ලාස්ටික් විශේෂ වර්ණයකින් නිපදවලා තිබුණා නම්, විද්‍යාඥයින්ට අහස පොළව ගැටගහන්න කල්පනා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. (නි)
මිනිසාව මුලාකිරීම, භීෂණය, ආගම්භේද සහ නොපිළිගත හැකි දේවල් ගැන සිතීමට ඉඩකඩ සැළසීම සාමාන්‍ය දෙයක් යැයි මගේ විශ්වාසයයි. (නි)