IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අගමැති සිංගේ ප‍්‍රතිසංස්කරණවලට එරෙහිව දැවැන්ත වැඩවර්ජනයක්

විදෙස් සිල්ලර වෙළෙඳ යෝධයන් ලෙස සැලකෙන වෝල්මාට් සහ ටෙස්කෝ යන වෙළෙඳ සමාගම්වලට ඉන්දියාවේ ආයෝජන අවස්ථා ලබාදීමට අගමැති මන්මෝහන් සිං සූදානම්වන මොහොතක ඊට විරෝධය පෑම පිණිස ඉන්දීය වෙළෙසල් හිමියෝ, සුළු වෙළෙන්දෝ සහ කම්කරුවෝ දැවැන්ත වැඩ වර්ජනයක් ඊයේ(20) ආරම්භ කළහ. ඉකුත් සතියේදී අගමැති සිං නව ආර්ථික ප‍්‍රතිසංස්කරණ ප‍්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එරට විපක්ෂ කි‍්‍රයාකාරීන් සහ වෘත්තීය සමිති සාමාජිකයන් මෙම පියවර ගෙන තිබේ. ඒ අනුව සිය වෙළෙඳසැල් වසාදමා දුම්රිය ගමනාගමන කටයුතු අඩාල කරනු පිණිස එම මාර්ග අවහිර කරමින් දහස් ගණන් ඉන්දියානුවෝ ඊයේ දිනයේ දැවැන්ත වැඩවර්ජනයක් දියත් කළ බව වාර්තා වේ. මෙම වැඩවර්ජනය හේතුවෙන් කල්කටා, බැංගලෝර් සහ චෙන්නායි යන නගරවල දෛනික කටයුතුවලට බාධා එල්ල විය. බෙංගාල ප‍්‍රාන්තයේ පැය 24ක වැඩවර්ජනයක් ප‍්‍රකාශයට පත් කළ විරෝධතාකරුවන් පාලනය කිරීමට එම නගරයට දහසකින් යුතු පොලිස් බලඇණියක් යෙදවූ බව ඉන්දීය පොලිස් ප‍්‍රකාශකයෙක් පැවැසීය. මේ අතර විරෝධතාවල නිරත ඇතැම් පිරිස් අධිවේගී මාර්ග කිහිපයක් අවහිර කර ඇතැයි වාර්තා වේ. කල්කටා නුවරින් ඇරඹි මෙම දැවැන්ත විරෝධතාව අනෙකුත් ප‍්‍රාන්තවලද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇතැයි වැඩවර්ජනයේ නිරත වෘත්තී සංගම් කි‍්‍රයාකාරීහු පවසති. මෙම විරෝධතාවල මූලිකත්වය ගෙන කි‍්‍රයා කරන එරට ප‍්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ  ආධාරකරුවන් ඇතුළු පිරිස් බිහාර් ප‍්‍රාන්තයේ දුම්රිය ස්ථානවලට රැස්වී දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා එල්ල කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. විරෝධතාකරුවන්ගේ මූලික අරමුණ දුම්රිය සහ බස් රථ ගමනාගමන කටයුතු අඩාල කිරීම බව පැට්නාහි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු කීය. වැඩවර්ජනය හේතුවෙන් මේ වනවිට බිහාර් ප‍්‍රාන්තයේ පෞද්ගලික පාසල් වසා දමා ඇති අතර රජයේ පාසල්වල වැඩකටයුතු සුපුරුදු පරිදි සිදුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මෙම විරෝධතාවලට ඉන්දියානුවන් මිලියන 50ක් සහභාගී කරවා ගැනීම සිය අරමුණ බව සමස්ත ඉන්දීය වෙළෙඳ සංගමය පවසයි. අගමැති සිංගේ නව ආර්ථික ප‍්‍රතිසංස්කරණ හේතුවෙන් සිල්ලර වෙළෙඳුන්ට ‘මරු පහරක්‘ එල්ල වනු ඇති බවත් ඒ හේතුවෙන් විශාල පිරිසකට රැකියා අහිමිවීමේ අවදානමක් මතුවිය හැකි බවත් විරෝධතාකරුවෝ අවධාරණය කරති. නව ආර්ථික ප‍්‍රතිසංස්කරණවලට එරෙහිව අම්රිත්සාර් නගරයේ පැවැති විරෝධතාවලට එක් වූ ඉන්දීය හිටපු කි‍්‍රකට් ක‍්‍රිඩකයකු මෙන්ම භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ද වන නව්ජොට් සිං සිධූ. අලහබාද් නගරයේ දුම්රිය ගමනාගමන කටයුතු අවහිර කළ ඉන්දීය සමාජවාදී පක්ෂ කි‍්‍රයාකාරීන් පිරිසක්....



අදහස් (0)

අගමැති සිංගේ ප‍්‍රතිසංස්කරණවලට එරෙහිව දැවැන්ත වැඩවර්ජනයක්

වරුණ Monday, 24 September 2012 08:30 AM

සිංට මොකද මේ වෙලා තියෙන්නේ? (නි)

:       0       0

සිල්වා Sunday, 23 September 2012 08:45 AM

ඉන්දියන් සමාගම් වලට පිටරට ආයෝජනය කරන්න පුලුවන් නම්, ඇයි පිටරට සමාගම් වලට බැරි ඉන්දියාවේ ආයෝජනය කරන්න? (නි)

:       0       0

කපිල Friday, 21 September 2012 01:04 PM

පළමු ඡායාරූපය තව ටිකක් ලොකු කරලා දාන්න බැරිද? (නි)

:       0       0

රූපා Monday, 24 September 2012 12:12 AM

වැඩක් නැහැ අනේ

:       0       0

කල්ප Monday, 24 September 2012 01:13 AM

අයියෝ සල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 136 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site