IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


අග්නි 5 මිසයිලය හැදුවේ කේරලයේ කාන්තාවක්

‘අග්නි 5’ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලය අත්හදා බලමින් ලොව මිසයිල තාක්ෂණය සතු රාජ්‍යයන් අතරට එක්වීමට ඉන්දියාවට වරම් ලැබූයේ එම ව්‍යාපෘතිය භාරව කටයුතු කරන ටේ‍්‍රසී තෝමස් නිසා යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව පුරුෂාධිපත්‍ය රජයන ඉන්දියාව වැනි රටක කාන්තාවන් පිරිමින් හා සමානව කරට කර සිටීම සතුටුදායක යැයි ද මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියි. අග්නි 5 මිසයිලය නිර්මාණය කිරීමේ කටයුත්තේදී එහි ප‍්‍රධාන තාක්ෂණ විද්‍යාඥවරියක ලෙස කටයුතු කළේ ද 48 හැවිරිදි ටේ‍්‍රසී තෝමස්ය. ඉන්දීය මාධ්‍ය ඇය හඳුන්වන්නේ ‘මිසයිල කාන්තාව’ යනුවෙනි. අග්නි 5 මිසයිලයේ සාර්ථකත්වය සමඟ එය නිර්මාණය කළ ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය නව මඟකට යොමු කිරීමට ටේ‍්‍රසී තෝමස්ට හැකිවී ඇති බව ද වාර්තා වේ. දකුණු කේරලයේ රෝමානු කතෝලික පවුලකින් පැවත එන ඇය, තම වෘත්තියෙන් පරිබාහිරව සාමාන්‍ය ගෘහනියක සහ මවකි. මිසයිලය සාර්ථකව අත්හදා බැලූ අවස්ථාවේදී ඉන්දීය ජනපතිනී ප‍්‍රතිභා පාතිල් කියා සිටියේ ඉන්දීය කාන්තාවන් තම වෘත්තිය තෝරා ගැනීමේදී ටේ‍්‍රසී තෝමස් ආදර්ශයට ගත යුතු බවය. 1988 දී ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානයට සම්බන්ධ වූ ටේ‍්‍රසී, ජාතික මිසයිල සංවර්ධන වැඩසටහනේ පියා ලෙස සැලකෙන හිටපු ඉන්දීය ජනපතිවරයකු මෙන්ම විද්‍යාඥයකු ද වන අබ්දුල් කලාම් යටතේ වෘත්තීය ජීවිතය ආරම්භ කළ තැනැත්තියකි.



අදහස් (0)

අග්නි 5 මිසයිලය හැදුවේ කේරලයේ කාන්තාවක්

සදුන් Thursday, 26 April 2012 02:47 AM

මම ඇත්තටම ඔබ ගැන ආඩම්බර වෙනවා

:       0       0

සූ Thursday, 26 April 2012 06:32 AM

ඇයි අපි අපේ දෙයක් ගැන කතා නොකරන්නේ

:       0       0

සෑම් Thursday, 26 April 2012 07:17 AM

අපේ රටේ ගෑණු අය නම් කුලල් කා ගන්නවා ඇරෙන්න වෙන කරන දෙයක් නෑ

:       0       0

නිවන්ත Thursday, 26 April 2012 09:48 AM

අනේ, මිසයිල කෙසේ වෙතත් අපිට අපේම කියලා පාපැදියක් වත් හදාගන්න පුළුවන් වුණොත් හොදයි

:       0       0

මර්සි Wednesday, 25 April 2012 11:28 AM

මම ඔබට සුභ පතනවා!!!

:       0       0

ෂිහාන් Wednesday, 25 April 2012 12:16 PM

අනුන්ට සුභ පතලා වැඩක් නෑ මම හිතන විදියට. අපිත් අපේ රට ගැන උනන්දු වෙන්න ඕනි.

:       0       0

රුවන් පතිරණ Wednesday, 25 April 2012 01:05 PM

කොතරම් හොද නිර්මාණයක් වුණත් හොදා ගන්නේ නරකකටනේ... නේද?

:       0       0

දයා Wednesday, 25 April 2012 04:37 PM

මේ මිසයිලේ කෙසේ වෙතත් අනෙක් ජාතිවල මිසයිල අපේ රටේ ගමක් ගමක් පාසාම කොච්චරවත් ඔය ඉන්නේ

:       0       0

ඒඒ Wednesday, 25 April 2012 04:41 PM

මෙහේ මුඩුබිම් වලට එකක් යවන්න බැරිද දන්නේ නෑ

:       0       0

එල්.රවී Wednesday, 25 April 2012 04:49 PM

විනාශකාරී මිසයිල හදන අයට සුභ පතන එක වැරදි දෙයක් හැටියටයි මමනම් දකින්නේ

:       0       0

බීපී Wednesday, 25 April 2012 06:18 PM

අපිත් හරියට මේ වගේ රතිඤ්ඤාවක් වත් හදන්න උත්සාහ කළ යුතුයි නේද?

:       0       0

බී.එම්.ජේ. Wednesday, 25 April 2012 06:33 PM

අපේ රටෙත් ගොඩක් දක්ෂ මිනිස්සු ඉන්නවා..අපි ඒ අයගෙන් වැඩ ගන්න ඕනි

:       0       0

අබුඩාබි කොල්ලා Wednesday, 25 April 2012 07:49 PM

අපේ රටෙත් ඔහොම දක්ෂතා තියෙන අය ඉන්නවා. ඒත් ඒ අයගෙන් වැඩ ගන්න දන්නේ නෑ. මෙහෙම දෙයක් මෙහේ හැදුවොත් ඒ මනුස්සයාට මොනවා කරයිද දන්නේ නෑ..

:       0       0

අවංකයා Thursday, 26 April 2012 01:54 AM

මිසයිල හදන අයට සුභ පතන එක මම නම් අනුමත කරන්නේ නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site