‘අග්නි 5’ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලය අත්හදා බලමින් ලොව මිසයිල තාක්ෂණය සතු රාජ්‍යයන් අතරට එක්වීමට ඉන්දියාවට වරම් ලැබූයේ එම ව්‍යාපෘතිය භාරව කටයුතු කරන ටේ‍්‍රසී තෝමස් නිසා යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව පුරුෂාධිපත්‍ය රජයන ඉන්දියාව වැනි රටක කාන්තාවන් පිරිමින් හා සමානව කරට කර සිටීම සතුටුදායක යැයි ද මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියි. අග්නි 5 මිසයිලය නිර්මාණය කිරීමේ කටයුත්තේදී එහි ප‍්‍රධාන තාක්ෂණ විද්‍යාඥවරියක ලෙස කටයුතු කළේ ද 48 හැවිරිදි ටේ‍්‍රසී තෝමස්ය. ඉන්දීය මාධ්‍ය ඇය හඳුන්වන්නේ ‘මිසයිල කාන්තාව’ යනුවෙනි. අග්නි 5 මිසයිලයේ සාර්ථකත්වය සමඟ එය නිර්මාණය කළ ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය නව මඟකට යොමු කිරීමට ටේ‍්‍රසී තෝමස්ට හැකිවී ඇති බව ද වාර්තා වේ. දකුණු කේරලයේ රෝමානු කතෝලික පවුලකින් පැවත එන ඇය, තම වෘත්තියෙන් පරිබාහිරව සාමාන්‍ය ගෘහනියක සහ මවකි. මිසයිලය සාර්ථකව අත්හදා බැලූ අවස්ථාවේදී ඉන්දීය ජනපතිනී ප‍්‍රතිභා පාතිල් කියා සිටියේ ඉන්දීය කාන්තාවන් තම වෘත්තිය තෝරා ගැනීමේදී ටේ‍්‍රසී තෝමස් ආදර්ශයට ගත යුතු බවය. 1988 දී ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානයට සම්බන්ධ වූ ටේ‍්‍රසී, ජාතික මිසයිල සංවර්ධන වැඩසටහනේ පියා ලෙස සැලකෙන හිටපු ඉන්දීය ජනපතිවරයකු මෙන්ම විද්‍යාඥයකු ද වන අබ්දුල් කලාම් යටතේ වෘත්තීය ජීවිතය ආරම්භ කළ තැනැත්තියකි.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඇත්තටම ඔබ ගැන ආඩම්බර වෙනවා
ඇයි අපි අපේ දෙයක් ගැන කතා නොකරන්නේ
අපේ රටේ ගෑණු අය නම් කුලල් කා ගන්නවා ඇරෙන්න වෙන කරන දෙයක් නෑ
අනේ, මිසයිල කෙසේ වෙතත් අපිට අපේම කියලා පාපැදියක් වත් හදාගන්න පුළුවන් වුණොත් හොදයි
මම ඔබට සුභ පතනවා!!!
අනුන්ට සුභ පතලා වැඩක් නෑ මම හිතන විදියට. අපිත් අපේ රට ගැන උනන්දු වෙන්න ඕනි.
කොතරම් හොද නිර්මාණයක් වුණත් හොදා ගන්නේ නරකකටනේ... නේද?
මේ මිසයිලේ කෙසේ වෙතත් අනෙක් ජාතිවල මිසයිල අපේ රටේ ගමක් ගමක් පාසාම කොච්චරවත් ඔය ඉන්නේ
මෙහේ මුඩුබිම් වලට එකක් යවන්න බැරිද දන්නේ නෑ
විනාශකාරී මිසයිල හදන අයට සුභ පතන එක වැරදි දෙයක් හැටියටයි මමනම් දකින්නේ
අපිත් හරියට මේ වගේ රතිඤ්ඤාවක් වත් හදන්න උත්සාහ කළ යුතුයි නේද?
අපේ රටෙත් ගොඩක් දක්ෂ මිනිස්සු ඉන්නවා..අපි ඒ අයගෙන් වැඩ ගන්න ඕනි
අපේ රටෙත් ඔහොම දක්ෂතා තියෙන අය ඉන්නවා. ඒත් ඒ අයගෙන් වැඩ ගන්න දන්නේ නෑ. මෙහෙම දෙයක් මෙහේ හැදුවොත් ඒ මනුස්සයාට මොනවා කරයිද දන්නේ නෑ..
මිසයිල හදන අයට සුභ පතන එක මම නම් අනුමත කරන්නේ නෑ