පසුගිය වසරේ මාර්තු 11 වැනිදා ජපානයට කඩා වැදුණු සුනාමියට හසුවී ඇලෙස්කාවට ගසා ගෙන ගිය පා පන්දුවක් යළි එහි හිමිකරු සොයා පැමිණියේය. එම පා පන්දුවේ හිමිකරු 16 හැවිරිදි මිසාකී මුරකාමීය. රෙකුසෙන්ටකාටාහි පිහිටා තිබූ මිසාකීගේ මුළු නිවසම පසුගිය වසරේ කඩා වැදුණු සුනාමියට ගසාගෙන ගොස් ඇත. ඇලෙස්කාවට අයත් මිඞ්ල්ටන් දූපතට ගසාගෙන ඇවිත් තිබූ එම පන්දුව වසරකට පසු පසුගියදා හමුවූයේ 51 හැවිරිදි ඬේවිඞ් බැක්ස්ටර් නමැත්තාටය. ඔහුගේ බිරිය ජපන් කාන්තාවකි. මිසාකීගේ පාසල් මිතුරන් මිසාකීට සුබ පතා පා පන්දුවේ සුබ පැතුමක් ද පාසලේ නම ද ලියා තිබූ හෙයින් මිසාකී සොයා ගෙන පා පන්දුව ඔහුට යළි බාර දීමට බැක්ස්ටර් යුවළට හැකිවිය. ”මා සතු හැමදේම සුනාමියෙන් අහිමි වුණා. මගේ පා පන්දුවවත් ආපසු ලැබීම හරිම සතුටක්.” යැයි පා පන්දුව ගැන දැන ගැනීමට ලැබුණු අවස්ථාවේදී මිසාකී පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
171
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
153
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2011 ජපන් සුනාමියට ගසාගෙන ගිය පා පන්දුව වසරකට පසු ඇලෙස්කාවෙන් හමුවෙලා