පසුගිය වසරේ මාර්තු 11 වැනිදා ජපානයට කඩා වැදුණු සුනාමියට හසුවී ඇලෙස්කාවට ගසා ගෙන ගිය පා පන්දුවක් යළි එහි හිමිකරු සොයා පැමිණියේය. එම පා පන්දුවේ හිමිකරු 16 හැවිරිදි මිසාකී මුරකාමීය. රෙකුසෙන්ටකාටාහි පිහිටා තිබූ මිසාකීගේ මුළු නිවසම පසුගිය වසරේ කඩා වැදුණු සුනාමියට ගසාගෙන ගොස් ඇත. ඇලෙස්කාවට අයත් මිඞ්ල්ටන් දූපතට ගසාගෙන ඇවිත් තිබූ එම පන්දුව වසරකට පසු පසුගියදා හමුවූයේ 51 හැවිරිදි ඬේවිඞ් බැක්ස්ටර් නමැත්තාටය. ඔහුගේ බිරිය ජපන් කාන්තාවකි. මිසාකීගේ පාසල් මිතුරන් මිසාකීට සුබ පතා පා පන්දුවේ සුබ පැතුමක් ද පාසලේ නම ද ලියා තිබූ හෙයින් මිසාකී සොයා ගෙන පා පන්දුව ඔහුට යළි බාර දීමට බැක්ස්ටර් යුවළට හැකිවිය. ”මා සතු හැමදේම සුනාමියෙන් අහිමි වුණා. මගේ පා පන්දුවවත් ආපසු ලැබීම හරිම සතුටක්.” යැයි පා පන්දුව ගැන දැන ගැනීමට ලැබුණු අවස්ථාවේදී මිසාකී පැවැසීය.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd