2008 වසරේ නොවැම්බර් මාසයේ ඉන්දියාවේ මුම්බායි නුවරට කඩා වැදුණු ඉස්ලාමීය සටන්කාමීන් එල්ල කළ ප‍්‍රහාරය ඇසුරින් නිර්මාණය වූ ‘ද ඇටෑක්ස් ඔෆ් 26/11’ චිත‍්‍රපටය අද සිට (1) සිට ඉන්දියාවේ ප‍්‍රදර්ශනය ආරම්භ කෙරේ.
ඉස්ලාමීය සටන්කාමීන් 10 දෙනකු 2008 වසරේ නොවැම්බර් 26 වැනිදා ඉන්දියාවේ මුම්බායි නුවරට පැමිණ, පැය 60 කට ආසන්න කාලයක් පුරාවට එල්ල කළ ප‍්‍රහාරවලින් 166 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මියගිය අය අතර විදේශිකයෝ ද වෙති. ප‍්‍රහාරවලින් තුවාල ලැබූවන්ගේ ගණන 300 කට වැඩිය.
ප‍්‍රහාරය එල්ල කළේ ‘ලෂ්කාර් ඊ තයිබා’ නමැති පාකිස්තානයේ කි‍්‍රයාත්මක සටන්කාමීන් බව අනාවරණය විය. ප‍්‍රහාරයෙන් පසු ඉන්දු පාකිස්තාන ඇයිහොඳයිකම් තව තවත් පළුදු විය.
එම සටන්කාමීන් 10 දෙනාගෙන් ජීව ග‍්‍රහයෙන් අල්ලා ගැනීමට හැකි වූයේ එක් සටන්කාමියකු පමණි. කසාබ් නම් වූ ඔහු සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත් වුණු අතර ඔහුට මරණ දඬුවම නියම විය. මරණ දඬුවම ඉකුත් වසරේ නොමැම්බරයේ දී කි‍්‍රයාත්මක කෙරුණි.
නානා පටේකාර් ප‍්‍රධාන චරිත නිරූපණය කරන, සුප‍්‍රකට බොලිවුඞ් සිනමා අධ්‍යක්ෂ රාම් ගෝපල් වර්මා අධ්‍යක්ෂණයෙන් හැඬ ගැන්වූ ‘ද ඇටෑක්ස් ඔෆ් 26/11’ චිත‍්‍රපටය පේ‍්‍රක්ෂකයන්ගේත් විචාරකයන්ගේත් පැසැසුමට ලක් වනු ඇතැයි ඉන්දීය පුවත් සේවා අනුමාන කරයි.
|
රාම් ගෝපාල් වර්මා (වමේ) නානා පටේකාර් සමඟ |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හීනෙකින්වත් ආයේ දකින්න ලැබෙන්න එපා (දී)
කරුණාකර මෙය "ග්ලැඩියේටර්" වගේ චිත්‍රපටියක් ලෙස නිෂ්පාදනය කරන්න. (නි)