ප්‍රංශ ජනපති චීනයේ ඉන්දියාවේ 75 වැනි ජනරජ දිනයේ ප්‍රධාන අමුත්තා ලෙස, නවදිල්ලියේ පැවැත්වුණු ජනවර දින සැමරුම් උළෙලට සහභාගී වූ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, චීන සංචාරයක් ආරම්භ කළේය. 29 January 2024
ජෝර්දානයේ ඇමෙරිකන් සෙබළුන්ට ඩ්‍රෝන ප්‍රහාරයක් ජෝර්දානයේ ඇමෙරිකන් හමුදා නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් ඇමෙරිකන් හමුදා නිලධාරීහු තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 25 ක් යැයි ඇමෙරිකන් හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 29 January 2024
පාවෙන නගරය මංගල ගමන් අරඹයි ලෝකයේ විශාලතම සංචාරක නෞකාව වන ’අයිකන් ඔෆ් ද සීස්’ සිය මංගල ගමන ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය පවසයි. 28 January 2024
මොනාලිසාට සුප් ප්‍රහාරයක් ප්‍රංශයේ පැරිස් අගනුවර, ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති, ලියනාඩෝ ඩාවින්චි අතින් සිත්තම් කෙරුණු ලෝ ප්‍රකට, මිල කළ නොහැකි මොනාලිසා සිතුවමට සුප් බඳුනකින් දමා ගැසීමේ සිද්ධියක් වාර්තා වේ. 28 January 2024
ඉන්දීය කෝවිලක අනතුරක් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර, කෝවිලක සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 17ක් තුවාල ලැබූ බව වාර්තා වේ. 28 January 2024
තවත් තෙල් නැවකට ප්‍රහාරයක් යේමනයේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්, ගල්ෆ් ඒඩන් මුහුදේ යාත්‍රා කරමින් තිබූ තෙල් නැවකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ. 28 January 2024
නිවුන් සොහොයුරියෝ වසර 19 කින් හමුවෙලා උපත ලැබීමෙන් පසු මාපියන්ගෙන් සොරකම් කර, වෙනත් පවුල් දෙකකට විකුණූ බව කියන නිවුන් සහෝදරියන් දෙදෙනකු වසර 19කට පසු නැවත හමුවීමේ පුවතක් ජෝරිජියාවෙන් වාර්තා වේ. 28 January 2024
වන්දි ගෙවන්නැයි ට්‍රම්ප්ට නියෝග කරයි ඇමෙරිකන් ලේඛිකාවක මෙන්ම මාධ්‍යවේදිනියක ද වන ඊ ජීන් කැරොල්ට අපහස කිරීමේ චෝදනාවට අදාළව, ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 83ක වන්දියක් ගෙවීමට අධිකරණය නියම කර ඇත. 28 January 2024
ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක් ගාසා තීරයේ සිදු කරන ජනසංහාර නැවැත්වීමට ඊශ්‍රායලය වහා පියවර ගතයුතු යැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඊශ්‍රායලයට නියෝග කර ඇත. 27 January 2024
නයිට්රජන් වායුවෙන් මරණ දඬුවම දෙයි ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, මරණ දඩුවම නියම වූ සිරකරුවකුගේ මරණ දඩුවම ක්‍රියාත්මක කෙරුණි. යූජීන් ස්මිත් නමැති එම සිරකරුට මරණ දඩුවම ලබා දීම සිදුවූයේ නයිට්රජන් වායුව ආඝ්‍රාණය කිරීමට සැලැස්වීමෙනි. 26 January 2024
ඉරාන ජනාධිපති තුර්කියේ සංචාරයක ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් අතරේ හමුවක් තුර්කියේ අන්කාරා නුවරදී පැවැත්විණි. 26 January 2024
ඉන්දියාව ජනරජ දිනය සමරයි ජනරජ දින ප්‍රධාන සැමරුම් උත්සවය සුපුරුදු පරිදි, නවදිල්ලි අගනුවර ආරම්භ වූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපතිනී ද්‍රෙෘපදී මුර්මු සහ මෙවර ජනරජ දිනයේ ප්‍රධාන අමුත්තා වූ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැකරොන්ගේ ප්‍රධානත්වයෙනි. 26 January 2024
නයිජීරියාවේ අගනුවර වෙනස් කිරීමේ සූදානමක් ලාගෝස් නගරය නයිජීරියාවේ අගනුවර ලෙස නම් කිරීමටත්, රාජ්‍ය ගොඩනැගිලි සහ අමත්‍යාංශ සියල්ල ලාගෝස් නගරයට ගෙන යෑමටත් වත්මන් ජනාධිපති බෝලා ටිනුබු සූදානම් යැයි විපක්ෂය චෝදනා කරයි. 26 January 2024
වසර 70 කට පසු සෞදියේ මත්පැන් සැලක් වසර 70 කට පසු සෞදියේ මත්පැන් අලෙවිසැලක් විවෘත විය. මත්පැන් අලෙවිසැල විවෘත කර තැබෙන්නේ, සෞදි වැසියන් සඳහා නොව, මුස්ලිම් නොවන විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට පමණි. 26 January 2024
සේරම බළලුන්ටයි බල්ලන්ටයි චීනයේ වයෝවෘද්ධ කාන්තාවක්, ඇය සතු ඩොලර් මිලියන 2.8 ක් වටිනා ඇගේ සියලු දේපොල සහ මුදල්, ඇගේ දූ දරුවන්ට නොදී, ඇය ආදරයෙන් ඇති දැඩි කරන බළලුන් සහ බල්ලන් ට ලබා දීමට තීරණය කර ඇතැයි ‘සවුත් චයිනා මෝනිං’ පුවත්පත පවසයි. 25 January 2024
චීනයේ වෙළෙඳසැලක ගින්නක් චීනයේ මහල් කීපයකින් සමන්විත වෙළෙඳසැලක හටගත් ගින්නකින් 39 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ. 25 January 2024
ප්‍රංශ ජනපති ඉන්දියාවේ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඉන්දියාවට පැමිණ සිටී. 75 වැනි ඉන්දීය ජනරජ දිනයේ ප්‍රධාන අමුත්තා වනු ඇත්තේ මැක්රොන්ය. 25 January 2024
ගාසා සරණාගත කඳවුරකට ප්‍රහාරයක් ගාසා තීරයේ ඛාන් යූනිස් නගරයේ සරණාගත කඳවුරකට එල්ල වුණු ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින්, පලස්තීන වැසියෝ 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 75 කි. කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝ දෙනකු තුවාල ලැබූ පිරිස අතරේ සිටින බව පැවැසෙයි. 25 January 2024
සිරකරුවන් 65 ක් රැගත් රුසියන් යානයක් කඩා වැටෙයි යුක්රේන යුද සිරකරුවන් 65 දෙනකු රැගත් රුසියන් හමුදාවට අයත් හමුදා ගුවන් යානයක් රුසියන් යුක්රේන දේශසීමාවේ, බෙල්ගොරොඩ් පළාතේ ගම්මානයක් ආසන්නයට කඩා වැටුණි. 25 January 2024
ජගත් මහ ලේකම් ඊශ්‍රායලයට දොස් කියයි ඊශ්‍රායල හමුදාව දිගින් දිගටම, ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන්, ගාසා තීරයේ පලස්තීන වැසියන් පීඩාවට පත් වීම කිසිසේත් අනුමත කර නොහැකි බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට පවසා තිබේ. 24 January 2024
නිව් හැම්ප්ෂයර් ජනපද ජය ට්‍රම්ප්ට ඇමෙරිකන් ජනාධිපතිවරණයට පෙර, ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා ජනපද මට්ටමින් පැවැත්වෙන මැතිවරණයේදී, නිව් හැම්ප්ෂයර් ජනපදය ජය ගැනීමට රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් සමත්විය. ඒ, ඔහුට අභියෝග කළ රිපබ්ලිකන් අපේක්ෂිකා නිකී හේලි පරාජය කරමිණි. 24 January 2024
මොංගෝලියාවේ පිපිරීමක් මොංගෝලියාවේ උංබාටාර් ගනුවර, ප්‍රබල පිපිරීමක් සිදුවිය. පිපිරීමට හසුවීමෙන් හය දෙනෙක් ජීවිතක්යට පත්වූහ. 14 දෙනක් තුවාල ලැබූහ. පුපුරා ගියේ එල්.පී. ගෑස් ප්‍රවාහන ට්‍රක් රථයකි. 24 January 2024
සරම්ප රෝගීන් වැඩිවෙලා මහා බ්‍රිතාන්‍යයේත් සෙසු යුරෝපා රටවලත්, සරම්ප රෝගීන්ගේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 24 January 2024
පුටින් උතුරු කොරියාවට යනවා රුසියන් ජනාධිපතිවරයා උතුරු කොරියාවට පැමිණෙනු ඇත්තේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවීමටය. අසල්වැසියන් වන රුසියාව සහ උතුරු කොරියාව, අතරේ පවතින්නේ සමීප මිත්‍රත්වයකි. 23 January 2024
ඊශ්‍රායල පාර්ලිමේන්තුවට කඩා වදී ගාසා තීරයේ, හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින, ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ, පවුල්වල සාමාජිකයන් විසි දෙනකුගෙන් යුත් කණ්ඩායමක්, ඊශ්‍රායල පාර්ලිමේන්තුවට කඩා වැදුණි. ඒ, පාර්මේන්තුවේ විශේෂ ආර්ථික කමිටුවක් පැවැත්වෙද්දීය. 23 January 2024
ඇමෙරිකාවේ වෙඩි තැබීමක් ඇමෙරිකාවේ ඉලිනෝයි ජනපදයේ සිදුවුණු වෙඩි තැබීම් දෙකකින් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි තැබීම් සිදුවූයේ ඉලිනෝයි ජනපදයේ, චිකාගෝ නුවරට නුදුරින්, ජොලියෙට් නමැති නගරයේය. වෙඩි ප්‍රහාරවලට ලක් වී, මියගිය 8 දෙනා එකම පවුලේ සාමාජිකයන්ය. 23 January 2024
චීනයේ භූමි කම්පාව ඉන්දියාවට දැනිලා චීනයේ සිංජියැං පළාත ඊයේ (22) සවස රික්ටර් පරිමාණයේ ඒකක 7.2 ක ප්රබලක්වයකින් යුත් භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය, ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට දැනුණු බවත්, නවදිල්ලි අගනුවර ගොඩනැගිලි පවා දෙදෙරා ගිය බවත් වාර්තා වේ. 23 January 2024
රාම් දෙවොල විවෘත කෙරේ උතුරු ඉන්දියාවේ, උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ, හින්දු බැතිමතුන්ගේ පුදබිම ලෙස සැලකෙන, අයෝධ්‍යා නගරයේ, ඉදි කෙරෙමින් පවතින ‘රාම් මන්දිර්’ හින්දු දේවස්ථානයේ බිම් මහළ, දහවල් 12.20 ට විවෘත කෙරුණි. 22 January 2024
චීනයේ නායයෑමක් චීනයේ යුනාන් ප්‍රාන්තයේ ලියාන්ග්ෂුයි ගම්මානයේ අද (22) අළුයම සිදුවුණු නායයාමකින් පුද්ගලයින් 47 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ. 22 January 2024
සාර්ථක වුණත් අසාර්ථකයි ජපන් අභ්‍යවකාශ ආයතනය, සඳ මතට සාර්ථකව රොබෝ යානයක් පතිත කිරීමට සමත්විය. ‘මූන් ස්නයිපර්’ නමැති මෙම චන්ද්‍ර යානය, චන්ද්‍ර පෘෂ්ඨයට පතිත කිරීම සිදුවූයේ පසුගිය 19 වැනිදාය. එය සාර්ථක විය. 22 January 2024
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026