ගාසා තීරයට පහර දෙමින් යුද අපරාධ සිදු කරනවා යැයි දකුණු අප්‍රිකාව, ඊශ්‍රායලයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට පැමිණිලි කර ඇති අතර, ඊශ්‍රායලයේ හිතවතකු වන ඊජිප්තුව ප්‍රකාශ කළේ තමන් ද ඊශ්‍රායලයට එරෙහිව, දකුණු අප්‍රිකාවට සහාය පළ කරමින් අපරාධ අධිකණයට පැමිණිලි කිරීමට සූදානම් බවය.
තමන් මෙම තීරණය ගන්නේ, ඊශ්‍රායලය දිගින් දිගටම පලස්තීන සිවිල් වැසියන්ගේ ජීවිත අනතුරේ දමමින් ගාසා තීරයට ප්‍රහාර එල්ල කරන නිසා යැයි ද ඊජිප්තු විදේශ කටයුතු අමත්‍යාංශය පැහැදිලි කර තිබේ. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා සිට මේ දක්වා ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් මියගිය ගාසා පලස්තීන වැසියන් ගණන 35,000 පසු කර තිබේ.
ඊශ්‍රායලයත් ඊජිප්තුවත් අසල්වැසියන්ය. ගාසා තීරය ඊශ්‍රායලයටත්, ඊජිප්තුවටත් මායිම්ව පිහිටයි. වසර ගණනාවක සිට, ඊශ්‍රායලය සහ ඊජිප්තුව අතරේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සහයෝගීතාවක් පවතී. කෙසේ නමුත්, ඊශ්‍රායලය, ගාසා තීරයේ නැගෙනහිර කෙළවරේ පිහිටි රෆා නගරයට පහර දීමට පියවර ගැනීම ඊජිප්තුවේ ද අප්‍රසාදයට හේතුවක් වී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඊශ්‍රායලයට එරෙහිව ඊජිප්තුව අධිකරණය හමුවට