IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බයිඩන් චීනයට තවත් තීරු බදු පනවයි

චීනය සමඟ පවතින ඇයිහොඳයිකම් අර්බුදයකට ලක් කරමින්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් චීනයට තීරු බදු රැසක් පැනැවීය. ඒ, චීනයේ විදුලි මෝටර් රථ, අර්ධ සන්නායක, බැටරි, වානේ සහ ඇලුමිනියම් නිෂ්පාදන සඳහාය.

විදුලි මෝටර් රථ සඳහා සියයට 100 ක තීරු බදු ද අර්ධ සන්නායක සඳහා සියයට 50 ක තීරු බදු ද සහ චීන විදුලි වාහන බැටරි සඳහා සියයට 25 බැගින් ද තීරු බදු පැනවීමට ජනාධිපති බයිඩන් පරිපාලනය කටයුතු කර තිබේ.

ඇමෙරිකාව පළමුවෙන් චීනයට තීරු බදු පැනවීම් කළේ බයිඩන්ට පෙර, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරය හොබවද්දීය. ට්‍රම්ප් චීනයට තීරු බදු පැනැවූයේ ඇමෙරිකාවේ රැකියා අවස්ථා චීනය උදුරා ගන්නාවා යැයි චෝදනා නගමිනි.

කෙසේ නමුත් බයිඩන් ජනාධිපති ධුරයට පත්වූයේ චීනය සමඟ යහපත් සබඳතා පවත්වන බවටය. නව තීරුබදු පනවමින් බයිඩන් පෙන්වා දුන්නේ තම පරිපාලනය චීනයට තීරු බදු පනවන්නේ, චීනය සමඟ ගැටීමට නොව, චීනය සමඟ තරඟකාරීත්වයක් පවත්වා ගෙන යෑමට බවය.



අදහස් (0)

බයිඩන් චීනයට තවත් තීරු බදු පනවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site