IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


ඉරාන-ඉරාක දේශ සීමා ආසන්නයේ භුමිකම්පාවෙන් 332 ක් මරුට

පස්වරු 3.00

ඉරාන ඉරාක දේශසීමාව ආසන්න ප්‍රදේශයට බලපෑ රික්ටර් මාපකාංක 7.3ක ප්‍රභලත්වයකින් යුතු භූමිකම්පාවකින් 332 ක් මිය ගොස් අවම වශයෙන් 2500කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි දෙරටේ මාධ්‍ය වාර්තා කරයි.

මරණ සංඛ්‍යාව තවත් වැඩිවිය හැකි යැයි ප්‍රදේශීය නිලධරිහු පවසති. සෙවීමේ හා මුදවා ගැනීමේ කණ්ඩායම් ද යොදවා ඇත.

කර්මන්සා හි දින තුනක ශෝක කාලයක් පත් කරන ලදී. ඉරාක දේශ සීමාවේ සිට කිලෝමීටර් 15 ක් පමණ දුරින් පිහිටි කර්මන්සා පළාතේ සැරිපොල්- සාහාබ් ප්‍රාන්තයේ වෙසෙන 236 දෙනෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් සිටිති.


බැග්ඩෑඞ්හිදීය/අන්කාරාහිදීය

ඉරාන ඉරාක දේශසීමාව ආසන්න ප්‍රදේශයට බලපෑ රික්ටර් මාපකාංක 7.3ක ප්‍රභලත්වයකින් යුතු භූමිකම්පාවකින් 212 කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි දෙරටේ මාධ්‍ය වාර්තා කරයි.

මියගිය හා තුවාල ලැබූ පිරිස් සොයා දැනටමත් මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ද බොහෝ පිරිසක් සුන්බුන් යට සිර වී ඇතැයි ඉරාන ඉරාක ආරංචි මාර්ග සඳහන් කරයි. භූමිකම්පාව හේතුවෙන් 1,700කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා විය. 

භූමි කම්පාවෙන් ඉරාන වැසියන් 207 දෙනකු මියගොස් ඇතැයි ඉරාන ජාතික ආපදා කළමනාකරණ සංවිධානයේ ප්‍රකාශකයකු වන බෙහ්නම් සයිදි පැවැසීය. ඉරානයේ ග්‍රාමීය පළාත් සෙවුම් කටයුතු සිදු වන බව එබැවින් මියගිය සංඛ්‍යාව තවදුරටත් වැඩි විය හැකි යැයි ද බලධාරීහූ කීහ.


බැග්ඩෑඞ්හිදීය/අන්කාරාහිදීය

ඉරාන ඉරාක දේශසීමාව ආසන්න ප්‍රදේශයට බලපෑ රික්ටර් මාපකාංක 7.3ක ප්‍රභලත්වයකින් යුතු භූමිකම්පාවකින් 145කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි දෙරටේ මාධ්‍ය වාර්තා කරයි.

මියගිය හා තුවාල ලැබූ පිරිස් සොයා දැනටමත් මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ද බොහෝ පිරිසක් සුන්බුන් යට සිර වී ඇතැයි ඉරාන ඉරාක ආරංචි මාර්ග සඳහන් කරයි. භූමිකම්පාව හේතුවෙන් 900කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා විය.

(055)


ඉරානයේ සිදුවූ ප්‍රභල භූමි කම්පාවකින් 130ක් පමණ මියගොස් දහස් ගණනක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ඉරාන ඉරාක උතුරු දේශ සීමාව ආසන්නයේ කුර්දිස්ථාන් කලාපයට කම්පනයෙන් දැඩි හානි සිදුවී ඇත. 
 
ඇමරිකානු භූ විද්‍යා කාර්යාංශය පවසන්නේ මෙය රිච්ටර් මාපාංක 7.3 ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයක් බවයි. කම්පනයේ අපි කේන්ද්‍රය උතුරු දේශසිමාව ආසන්නයේ පිහිටි හලාබ්ජා ප්‍රදේශයේ කිලෝමීටර් 33.9ක් ගැඹුරින් පිහිටා ඇතැයි පැවසේ. තුර්කිය ඊශ්‍රායලය සහ කුවේට් රට වලට ද කම්පන දැනී ඇත.  
 
සුන්බුන් වලට යට වී ඇති පිරිස් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර බලධාරීන් පවසන්නේ මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

ඉරානයේ සහ ඉරාකයේ බොහෝ නගර වල විදුලිය විසන්ධි වී ඇති අතර තවදුරටත් කම්පන ඇතිවේ යැයි බියෙන් දහස් ගණන් ජනතාව දැඩි  ශීත කාළගුණය මධ්‍යයේ වීදී හා උද්‍යාන වලට රොක් වී සිටින බව වාර්තා වේ.

රෝහල් වලට ද බරපතල හානි සිදුව ඇති හෙයින් තත්ත්වය බොහෝ සංකීර්ණ වී ඇති බව බලධාරීහු පවසති.

 
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)



අදහස් (6)

ඉරාන-ඉරාක දේශ සීමා ආසන්නයේ භුමිකම්පාවෙන් 332 ක් මරුට

hira Monday, 13 November 2017 05:20 AM

මිනිස්සුන්ට දෙවියෝ මෙහෙමද වැඩ කරන්නේ? හිතක් පපුවක් නැද්ද මන්දා.

:       8       24

Shanaka Monday, 13 November 2017 09:36 AM

ඕක වෙන්න තිබ්බේ අපේ පාර්ලිමේන්තුවට ලොක්කත් ඉන්න වෙලේක..

:       0       21

sumith Monday, 13 November 2017 09:42 AM

අපේ අහිංසක කාන්තාවන්ට දෙන දෙතිස් වැඩ දැක්කම, මෙයාලට හිතක් පපුවක් නැද්ද මන්දා කියල හිතෙනවා.

:       2       25

wasantha Rathnayake Monday, 13 November 2017 10:15 AM

දෙවියන් දුන්න දේනේ. කොහොමත් බාරගන්න වෙනවා.

:       1       30

FaaraMonday, 13 November 2017 11:59 AM

ඔව්, දෙවියා දුන්න නිසා බාරගන්න ඕනෑ... මේ ජීවිතේ පරීක්ෂණයක් පමණයි. සතුටක් ආවත්, දුකක් ආවත් ඔක්කොම විඳින ආකාරයට තමයි මරණින් මතු ජීවිතය තීරණය වෙන්නේ... ප්‍රශ්න පත්‍රයක් නම් අපිට ලේසි ප්‍රශ්න විතරක් බලාපොරොත්තු වෙන්න බැහැනේ.. අමාරු ප්‍රශ්නත් තියෙනවනේ... ලේසි හෝ වේවා! අමාරු හෝ වේවා ප්‍රශ්න පත්‍රය ලිව්වොත් විතරයි විභාගය සමත් වෙන්න පුළුවන්...

:       0       37

nissa Monday, 13 November 2017 10:56 AM

දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලයි...

:       3       43

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1095 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1119 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site