හමුදා අභ්‍යාසයක් අතරතුරේ, සතුරු පාර්ශ්වයකට අයත් නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් පහර දී බිම හෙළීමට තම හමුදාව සමත් වූ බව ඉරානය ඊයේ (24) නිවේදනය කළේය.
"අප සතුරු ඩ්‍රෝන යානයක් බිම දැම්මා. මීට කලිනුත් මෙවැනි දේ සිදුවී තිබෙනවා. ඔත්තු බලන්න ඩ්‍රෝන යානා අනවසරයෙන් අපේ ගුවන් සීමාවට ඇතුළු වෙනවා.” යැයි ඉරාන විප්ලවීය හමුදාවේ ජනරාල් හමීඞ් ෂර්කේලී පවසයි.
පහර දී බිම දැමූ එම ඩ්‍රෝන යානය ඇමෙරිකාවට අයත් එකක් දැයි ඉරානය පවසා නැත. ඇමෙරිකාවේ යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය කියා සිටින්නේ ඉරානය තමන් සතු ඩ්‍රෝන යානයකට පහර දීමක් සිදු කර නැති බවය.
දිනෙන් දින දියුණු වෙමින් පවතින ඉරානයේ න්‍යෂ්ටික කටයුතු සම්බන්ධයෙන් නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ඔත්තු බැලීමේ කටයුතු සිදු කරන්නේ ඇමෙරිකාවය.
ඇමෙරිකාව අවස්ථා ගණණාවකදී ඉරානය ගැන ඔත්තු බලා ඇති අතර, ඇමෙරිකාව ඒ සඳහා භාවිත කළ ඩ්‍රෝන යානා පහර දී බිම දැමීමටත් අල්ලා ගැනීමටත් ඉරාන විප්ලවීය හමුදාව සමත් වී ඇත.
2011 වසරේ දෙසැම්බර් මාසයේදී ඇමෙරිකා හමුදාව සතු ‘ආර්.කියු. 170’ වර්ගයේ ඔත්තු නිරීක්ෂණ ඩ්‍රෝන යානයක් අල්ලා ගැනීමට ඉරාන හමුදාව සමත්විය. ඉරාන හමුදාව එම යානය අල්ලා ගත්තේ එහි පාලනය ඔවුන් අතට ගැනීමෙනි.
එම ඩ්‍රෝන යානයේ තාක්ෂණය ලබා ගැනීමට ඉරාන විද්‍යාඥයන් සමත් ව සිටින අතර, ඔවුන් ද ඩ්‍රෝන යානා නිර්මාණ කටයුතුවලට අත ගසා තිබෙන බව වාර්තා වේ. ඊට වෙනිසියුලාවේත් චීනයේත් සහාය ඉරානයට ලැබෙන බව පැවැසෙයි.
COMMENTS
ඇමරිකාව කවදාහරි පාඩමක් ඉගෙනගන්නේ ඉරානයෙන්. (නි)
ඇමරිකාව හිතාමතාම තම ඩ්‍රෝන යාතා ඉන්දියාවට හසුවීමට ඉඩ දී එහි ඇති සන්නිවේදන උපකරණ මගින් තොරතුරු වාර්තා ලබාගන්නවා යැයි ඇතැම් ජාත්‍යන්තර වෙබ් අඩවිවල දැක්වෙනවා. (ස)
මෙයාලට බලය තිබුණා නම් පටන් ගනීවි හිට්ලර් වගේ. (නි)
මෙයාලට බලය ලැබුණොත් ලෝකයම අල්ලාගන්න බලයි. (නි)
අපිට ඉන්දියාවෙන් තියෙන බලපෑම වගේ තමයි මැදපෙරදිග රටවලට ඉරානයෙන් බලපෑම් කරන්නේ. (නි)
මැදපෙරදිග ලිහිල් සංස්කෘතිය වෙනස් කරන්න බලපෑම් කරන්නේ ඉරානයයි. (නි)
ඉරානය වගේ රටවල යුධ ශක්තිය වැඩිවීම අපිට හයියක්. (නි)
යුද්දය මහා බිහිසුණුයි (දී)