IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


බඹසර රකින්න පොස්ටරයක්

ඇමරිකාවේ චිකාගෝ නගරයේ මේ දිනවල කි‍්‍රයාත්මක පෝස්ටර් ව්‍යාපාරයක් වේ.එම පෝස්ටර් වල ‘‘ගැබ් ගත්‘‘ තරුණයින්ගේ ඡායාරූපයන් දැක්වේ.

මේ දුටු චිකාගෝ නුවර වැස්සන් මුලදී බියපත් වුවද පසුව සොයාබැලීමේදී හෙළිවූයේ මේවා පරිගණක මෘදුකාංග ආධාරයෙන් නිර්මාණය කර ඇති බවයි.විහිළුවක් සේ පෙනුනද මෙය පිටුපස ඇති පණිවුඩය නම් ප‍්‍රබලය.

පෝස්ටර් ව්‍යාපාරය ආරම්භ කර ඇත්තේ චිකාගෝ නගරයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවයි.දෙපාර්තමෙන්තු සංඛ්‍යා ලේඛන වලට අනුව නගරයේ බාලවයස් ගැබ් ගැනීම් ප‍්‍රමාණය ක‍්‍රමයෙන් ඉහළ යමින් පවතී.තරුණියන් අනවසර ගබ්සා කිරීම් කරා යොමුවීමේ ප‍්‍රවණතාවක්ද තිබේ.

ගැහැණු පාර්ශවයට පමණක් අනවශ්‍ය ගැබ් ගැනීමක සියලූ බර දරාගෙන සිටීමට සිදුවෙතියි බොහෝ දෙනා සිතාගෙන සිටියද එය එසේ නොව පිරිමි පාර්ශවයටත් එකසේ බලපාන බව පෙන්වීම මේ පෝස්ටර් ව්‍යාපෘතියේ අරමුණයි.ගැහැණු පාර්ශවයට මුහුණ දීමට සිදුවන මානසික හා සමාජීය ගැටලූ වලට අඩු වැඩි වශයෙන් පිරිමි පාර්ශවයටද මුහුණ දීමට සිදුවේ.බොහෝ විට මෙවන් දේ සිදුවන්නේ නවයොවුන් තරුණයින් අතින් බැවින් ඔවුන් කෙරෙහි වන බලපෑම වැඩිය.

අනෙක් කරුණ නම් නාහෙට නාහන තරුණයින් යම් පමණකට හෝ බියපත් කිරීමයි.

සත්‍ය තත්ත්වය පෙන්වා දී අනවශ්‍ය ගැබ් ගැනීම් ප‍්‍රමාණය අඩු කර ගැනීමට චිකාගෝ සෞඛ්‍ය දෙපාර්තමෙන්තු බළධාරීන් අපේක්ෂා කරයි.

 



අදහස් (0)

බඹසර රකින්න පොස්ටරයක්

මනෝහරන් Thursday, 20 June 2013 10:53 PM

අනේ අපිව නම් අල්ල ගන්න එපා ඕවා දෙවියන් වහන්සේගේ වැඩ.(නදී)

:       0       0

රිෂාර්ඩ් Thursday, 20 June 2013 04:59 PM

දන්නවනේ වරුණ අපේ පල්ලිවල පොස්ටේර් තියා කිසිම රූපයක් නැති බව අතීතයේත් නැහැ අනාගතයේත් නැහැ.මන් හිතන්නේ ඔයාට හොඳයි වගේ. (ස)

:       0       0

හුසේන් Friday, 21 June 2013 01:24 AM

වරුණ, අත තිබ්බ පලියට මෝඩ අදහස් දාන්න එපා. තව කෙනෙක් අදහන ආගමකට හෝ තැනකට නිගා කරන්න එපා. බුද්ධාගමේ ඔහොම කියලා නැහැනේ. එහෙම නම් ඔබ බෞද්ධයෙක් නෙමයි. එහෙම නේද ? (නි)

:       0       1

සයිනාවා Thursday, 20 June 2013 06:08 PM

ගැහැණියකගේ සියලුම වේදනාවන් දරා ගැනීමට පිරිමි පාර්ශවයට මේ නිසා හැකිවේද ? (නි)

:       0       0

තිසල් Thursday, 20 June 2013 01:29 PM

ඕකට කියන්නේ "අතීසාරයට අබුඩ ගහනවා කියල" ක්‍රමය හදන්නේ නැතිව අන්තිමට එලියට එන තැන වහන්න බෑ.විහිලු. (අ)

:       0       0

තරූ Friday, 21 June 2013 02:26 PM

මදූ හරි.(නදී)

:       0       0

නීලා Thursday, 20 June 2013 02:11 PM

මොකද්ද තිසල් ඒ ක්‍රමය... හිරියට අපේ රටේ දැන් තියනවා වගේ අනර්ග ක්‍රමයක්ද.(ස)

:       0       0

ලසන්ත Thursday, 20 June 2013 02:42 PM

මේ රූපේ මනෝ විද්‍යාත්මකව ලොකු බලපෑමක් හිතේ කරාවි. මේක දිහා දකිද්දීත් හිතට මොකද්දෝ වගේ.චිහ්... (නි)

:       0       0

අලුත්ගෙ Friday, 21 June 2013 09:55 AM

එහෙනම් අර පෙට්ටියකට මුසල්මානුවන් වදින්නෙ මොකද? ඔවුන්ට සංකේතයක් නැතුව වදින්න බැරි නිසා නේද? (නි)

:       0       0

අනුර Friday, 21 June 2013 09:57 AM

කොහෙවත් ප%ශ්නයකට ආගම්වලට බනින්නේ මොකද වරුණ. බුද්දීමත්ව වැඩකරන්න.(ස)

:       0       0

රිෂාර්ඩ් Thursday, 20 June 2013 03:06 PM

ලංකාවට ඔය පෝස්ටරේ හොඳටම ගැලපෙනවා. දැන්ම එවන්න මෙහෙටත් කොපියක්. (නි)

:       0       0

විමල් Thursday, 20 June 2013 03:09 PM

කාලෝචිත පෝස්ටරයක්.(ස)

:       0       0

අනුර Friday, 21 June 2013 10:07 AM

වරුණ ඔයා බෞද්ධ ආගමට නිගා දෙන්න එපා. කරන විහිළු වලට ආගම පටල ගන්න එපා.(නදී)

:       0       0

වරුණ Thursday, 20 June 2013 03:11 PM

රිෂාර්ඩ් ඔයාලගේ පල්ලියට යවන්න, හොදටම ගැලපෙනවා. (නි)

:       0       0

මදූ Friday, 21 June 2013 10:28 AM

දේව ශාප.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 502 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 310 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site