IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඉරානය හොර රහසේ න්‍යෂ්ටික අවි නිපදවනවා

න්‍යෂ්ටික වැඩසටහනට මුවාවී ඉරානය හොර රහසේ න්‍යෂ්ටික අවි බොහෝ ප‍්‍රමාණයක් නිර්මාණය කර ඇති බවට බුද්ධි අංශ වාර්තා සනාථ කළැයි එක්සත් ජාතීන්ගේ පරමාණුක ශක්ති අධිකාරිය පවසයි. එක්සත් ජාතීන්ගේ පරමාණුක ශක්ති අධිකාරිය ඒ බව කියා සිටියේ පෙරේදා (3) එළිදැක්වූ ඔවුන්ගේ නවතම වාර්තාව මගින්ය. එහි පිටපත් මාධ්‍යවෙත ද නිකුත් කර ඇත. එම වාර්තාවේ පිටපතක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ද ලබා දී ඇති බවත් ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් ඉරානය ගැන සාකච්ජා කිරීමට නියමිත බවත් පරමාණුක ශක්ති අධිකාරිය වැඩිදුරටත් කියා සිටියි. ඉරානය එම විනාශකාරී න්‍යෂ්ටික අවි නිපදවන්නේ රහස් ස්ථානයක පිහිටි භූ ගත බංකරයක් තුළදී බවත් එය ගුවන් ප‍්‍රහාරයකින් විනාශ කළ නොහැකි බවත් බුද්ධි අංශ වාර්තා තහවුරු කර ඇතැයි පරමාණුක ශක්ති අධිකාරිය එළිදැක්වූ එම වාර්තාවේ සඳහන් වේ. උතුරු කොරියාව සේම ඉරානයද ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල උදහසට ලක්ව සිටින්නේ ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන නිසාය. එහෙත් ඉරානය තරයේ කියා සිටින්නේ තමන් න්‍යෂ්ටික අවි නිපදවන්නේ නැති බවය. ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් ලෝකයාට පුනපුනා කියා සිටින්නේ තම න්‍යෂ්ටික වැඩසටහන ඉතා සාමකාමී එකක් බවත් එහි අරමුණ රටේ බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීම බවත්ය. ඉරානය ඔවුන්ගේ හිතවතකු වන රුසියාවේ ද සහාය ඇතිව න්‍යෂ්ටික බලශක්ති බලාගාරයක් ඉදිරි කොට ඇති ඇමෙරිකාවෙන් ඊට ද දැඩි විරෝධයක් එල්ල විය.

වියානා (රොයිටර්/ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඉරානය හොර රහසේ න්‍යෂ්ටික අවි නිපදවනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site