රූපලාවන්‍ය කටයුතු සඳහා යොදාගන්නා සුවඳවිලවුන් හි ඇති රසායනික ද්‍රව්‍ය සහ ප්ලාස්ටික් ඇසුරුම් දරුවන් අතර ඇදුම රෝගය වේගයෙන් පැතිර යාමට හේතුවන බව පර්යේෂකයෝ කියති.
විද්‍යාඥයින් සොයාගෙන ඇත්තේ තම ළදරුවන් තම මව්කුසය තුල සිටින කාලයේ දී ප්ලාස්ටික් නම්‍යශීලි කිරීම සඳහා යොදාගන්නා සංඝටක වලට නිරාවරණය වීම හේතුවෙන් ඔවුන්ට ඇදුම රෝගය වැළදීමේ අනතුර සියයට 78ක් දක්වා වන බවයි.
පර්යේෂකයන් විශ්වාස කරන්නේ මෙම රසායනික ද්‍රව්‍ය මගින් කළලයේ ස්වසන මාර්ගය සංවේදී වී මොවුන්ගේ ළමා වියේදී ඇදුම රෝගය වැළදීමේ තත්වයක් ඇති බවයි.
විද්‍යාඥයින් මව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම අවධානම අඩුකර ගැනීම සඳහා ප්ලාස්ටික් බහාලුම්,සුවඳ විලවුන් සහ වඩාත් සුවඳ ගැල්වු සේදීමේ කුඩු භාවිතයෙන් වැලකී සිටින ලෙසයි.
නිව්යෝර්ක් හි කොලොම්බියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් ගර්භණී මව්වරු 300 කගේ මුත්‍රා පරීක්ෂාකර බැලීමෙන් මේ දත්ත විශ්ලේෂණය කැර ඇත. ඔවුන් පවසන්නේ මේ ගැබිණි මව්වරුන්ගේ මුත්‍රාවල තිබූ ප්ලාස්ටික් මෘදු කිරීමට ගන්නා රසායනිකයන් ගේ මට්ටම මැන බැලු බවයි.
කොලම්බියා විශ්වවිද්‍යාලයේ ආචාර්ය රොබින් වයිට් පවසන්නේ මේ සඳහා ගතහැකි සරළ පියවරක් ලෙස ප්ලාස්ටික් බහාලුම් භාවිතය අඩුකර ආහාර ශිතකරණයේ වීදුරු භාජන තුළ ගබඩා කිරීම සුදුසු බවයි. බ්‍රිතාන්‍යය තුල ඇදුම රොගයෙන් පෙලෙන්නන් ලක්ෂ 54ක් ක් සිටින අතර එයින් ලක්ෂ 11කි ළමයින් වේ. බ්‍රිතාන්‍යෙය් වසරකට ඇදුම රෝගයෙන් මියයන සංඛ්‍යාව 1250 කි.
2025 දෙසැම්බර් මස 04
6
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
335
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නූපන් දරුවන්ට වින කරන ප්ලාස්ටික් ඇසුරුම්